විවරව තිබුණු කවුලුවෙන් පිටතට එබී උන් ජාන්වී තානායමේ ඉදිරිපස මිදුලෙහි දැල්වුනු විදුලි පහන් වල ආලෝකය දෙස බලා සිටියේ හැඟිමකින් තොරවය. උසස් පාසලේ අවසන් වසර විභාගයට පාඩම් කරමින් උන් ජාන්වී මෙසේ කවුලුවෙන් පිටතට එබී ගෙන සිටින්නේ දෙනෙතට විවේකයක් දෙන්නට වුවද තානායම් මිදුලෙන් ඇසෙන වස්දඬු රාවයට අනුකූලව සැලෙන අම්මාගේ පාසළඹේ හෙඬ ඇගේ සිතිවිලි අලුතින් දවාලන්නට සමත් විය.
උසස් පාසල් අධ්‍යාපනය නිමාකර නිවසින් පිටව ගිය ස්වප්නාත් සමඟ කුඩා කල මෙවන් දිනයක ජාන්වී සිටියේ තානායම් මිදුලේ අඹ ගසට මුවාවී සැගවිගෙනය. ඒ අන් කිසිවකට නොවේ, වර්ණවත් වස්ත්‍රාභරණ වලින් සැරසීගෙන, නීලවන් දිගු කෙස්කළඹේ පියකරු මල් ගවසාගෙන, දෙපයෙහි ගෙජ්ජි වැල් පැළදගෙන රඟ දෙන අම්මාගේ රංගනයන් බලන්නටය.
රන්වන් පැහැති සම මනාව කැපි පෙනෙන ලෙස වර්ණවත් වු සාරියකින් අම්මා එකල නිතරම සැරසි සිටියාය. ළමැද වැසෙන්නට හැඳි කර පලල් හැට්ටයෙන් පිරිපුන් පියයුරු බේරී පෙනෙන ලෙස දුහුල් සාරි පොට උරහිසින් දමා ගන්නා ඇය ඉඟටියේ පහලම කෙලවරට එනම්, දෙකලවා වලට අඟල් කිහිපයක් ආසන්නයට නාභිය පෙනෙන පරිදි සාරිය ඇන්දාය. නාභිය වටා හැඳි මෙහෙන්දි සිත්තම නිතර නිතර අළුත් කරන්නටත් ඇය වග බලා ගත්තාය.
කුඩා කල අම්මාගේ රූ සපුව ගැන ජාන්වීට වඩා ආඩම්බරයෙන් උන්නේ ස්වප්නාය. තමන්ද යම් කලෙක අම්මා මෙන් රුවැත්තියක් වන බවත් ඇය මෙන් තානායමේ රඟන බවත් කියා නිතරම පුරසාරම් කී ස්වප්නා වයසින් වැඩෙත්ම අම්මාට වෛර කරන්නට වුවාය. වෛරයේ කෙලවර වුයේ, සියල්ලන්ගෙන්ම සමුගෙන ස්වප්නා තානායම් නිවස හැර යාමයි.
“ජීජී.. ව..තු..උ..ර...“ අයීෂාගේ හඬින් කාමරය දෙසට නෙත් යොමු කල ජාන්වී දුටුවේ ඇද වුනු කට දෙපසින් බේරෙන කෙල සහිතව අබාධිත අයීෂා බිම දිගේ බඩගාමින් තමන් අසලටම පැමිණ ඇති බවකි.
වහා ක්‍රියාත්මකව ඇය ඔසවාගෙන ගොස් ඇඳ මත තැබූ ජාන්වී පීරිසියකට ගත් වතුර අයීෂාට පහසු ලෙස පෙව්වාය, උපතින්ම ආබාධිතව උපන් අයිෂා සිව්හැවිරිදි වියේ පසු වුවාය. අයිෂා කෙරෙහි ජාන්වීගේ සිතේ වුයේ අනකම්පාව මුදු ආදරයක් වුවත් පියෙකු නොමැති ආබාධිත දැරියගේ උපත තම වැඩිමහල් සොයුරිය වු ස්වප්නා නිවසින් පිටවීමට මුලිකම හේතුව වු බැවිත් ජාන්වී ගේ සිතෙහි අයිෂා පිළිබඳ සියුම් තරහක්ද විය.
“ජාන්වී....ජා...න්..වී... දොර ඇරපන්.. ඉක්මනට....“
දොරට පිටත සිට කැමොර දෙන්නේ තානායම් නිවසේ මුරකරුවකු වු ලාල්වන්ද්‍ර බව හඳුනාගත් ජාන්වී වහා ක්‍රියාත්මක වී “ක්‍රීස්...“ හඬ නංවමින් දුබල දොර පියන විවර කලාය.
“ලාල් ජී ඇයි මේ වෙලාවේ..!!“
“නැටුම් පොලේදි අන්ජුම් සිහිය නැතිව වැටුනා..“
“අනේ අම්මා...!! “ ජාන්වීගේ නිල්වන් දෙනෙත් කඳුලින් බරවද්දි ලාල්චන්ද්‍ර ඉවත බලා ගත්තේය.
“සේට් ජී වාහනේ දුන්නා ඉස්පිරිතාලෙට යවන්න. වරෙන් උඹ අම්මාගේ භාරකාරයා හැටියට. අපිට බෑ ඔය පව් කරගහන්න “
ලාල්චන්ද්‍ර හිති පිත් නැතිලෙස කියා හැරෙද්දි අයීෂාව නිවස තුලට දමා දොරගුලු ලෑ ජාන්වී වහා තානායම් ගරාජය දෙසට දිව ගියාය.
****************************** ****************************** *************************
දින කිහිපයක් රොහල් ගතව සිටි අන්ජුම් අයිෂාටන් වඩා දුබල තත්වයකින් යලිත් තානායම් නිවසට ගෙන එනු ලැබුවේ ජාන්වීගේ දෙකන හැඩ කල කරාඹු ජෝඩුව උගස් කඩයට දී ගත් මුදල ගෙවා රැගෙන ආ කුලී කාරයකිනි. වෛද්‍යවරුන්ගේ මතය වුයේ අන්ජුම් සුව කල නොහැකි සමාජ රෝගයකින් පෙලන බවයි. එහෙයින් රෝහල් සේවකයින්ගේ පවා පිළිකුලට ලක්වූ ඇය ශාරිරික දුබලතාවයට වඩා මානසිකව මහත් ලෙස දුබලව සිටියාය. වසර විසි ගනනක් පුරා ඇය හා සිටි පාරිභෝගිකයින්ගේ පිහිට පතා ජාන්විව යැවුවත් කිසිවෙකුත් ඇයට මුදලක් දෙන්නට කැමති නොවීය.
තනායම් නැටුම් පොලේ රඟ දීමටත්, තානායමට පැමිනෙන දෙස් විදෙස් සංචාරකයින්ගේ මන දොල පිනවීමටත් සැදී පැහැදී සිටි අන්ජුම්ට සහනයක් ලෙස නවතින්නට දී තිබුණු තානායම් නිවසේ පසුපස කාමරය යලිත් භාර දෙන ලෙස කියා නිවසේ ප්‍රධානියා ලාල්වන්ද්‍ර අත පණිවිඩ කිහිපයක්ද එවනු ලැබීය. අයිෂාටත් අන්ජුම්ටත් දෙවේලකින් අහරක් ලබා දෙන්නට අපොහොසත්වු ජාන්වී අවසන් පිහිට පතා ගියේ තානායම් කුස්සියට නමුත් වෛශ්‍යාවගේ දුව යන නින්දාව හැරෙන්නට ඇයට කිසිවක් නොලැබිනි.
පහත් කරගත් හිසින් යුතුව ආපසු පැමිනෙන සුන්දර ජාන්වීට තානායම් ප්‍රධාණියාගේ උකුසු බැල්මෙන් මිදීමට හැකියාවක් නොවුනි.
“උඹලා යන්නේ කවදද?“ සැර පරුෂ ලෙස ඇගෙන් ඇසු සිටුවරයා ජාන්වීගේ යොවුන් වතේ කොමල රේඛා දෙස බලා සිටියේ ගිජු දෑසිනි.
“ අපිට ටික දවසක් දෙන්න සේටී ජී.. මම අපේ නෑදෑයෝ කවුරුත් දන්නේ නැහැ.. අම්මටයි නංගිටයි සලකන්න මම රස්සාවක් හොයා ගන්න ඔනි..“ ජාන්වී බයාදු ලෙස කියා බිමටම නෙත් යොමා ගෙන උන්නාය.
“උඹට මේ තානායමේ රස්සවක් දෙන්නම් මම “ ගිජු දෑසින් ජාන්වී දෙස බලාසිටි සිටුවරයා ජාන්වීගේ ප්‍රතිචාරය ලැබෙන්නටත් පෙර “වෛජයන්තී.....“ යනුවෙන් ඇතුල් ගෙයි සිටි ගැහැණිය ඇමතුවේය...
සිලිං: සිලි: හඬන් පාසළඹ හඬ නංවමින් නිවස තුල සිට පැමිණි තානායමේ ප්‍රධාන අභිසරු ලිය බන්දේසියක තැබූ මොණර නිල් පැහැති සාරියත් ගෙජ්ජි යුවලත් ජාන්වී අත තැබුවාය.
වෙව්ලන දෑත මත දිදුලන සාරියත් ගෙජ්ජි යුවලත් තානායම් මිදුලේ නැටුම් පොල වෙතට යන්නට ජාන්වීට සුහද ලෙස ඇරයුම් කරනා සෙයක් ඇයට දැනුනි.
ලියා එව්වේ - කාවින්ද්‍යා රත්නායක
http://kaveej.blogspot.com/
ලියා එව්වේ - කාවින්ද්‍යා රත්නායක
http://kaveej.blogspot.com/
අහෝ... අපූරු කතාවක්.... ඉවර උන විදිය වෙනස් උනා නම් කියල හිතෙන්න ගත්තා...
ReplyDeleteඅනේ ....
සිලිං: සිලි: හඬන් පාසළඹ හඬ නංවමින් නිවස තුල සිට පැමිණි තානායමේ ප්‍රධාන අභිසරු ලිය බන්දේසියක තැබූ මොණර නිල් පැහැති සාරියත් ගෙජ්ජි යුවලත් ජාන්වී අත තැබුවාය.
මෙතනින් කතාව ඉවර වුනා නම් මම මාරම කෑමතියි...... ඉතුරු පේලිය නෑතුව උනත් කතාවෙ උපරිම උච්චයට මෙතනින් එනවා කියා මට නම් පුද්ගලිකව සිතෙනවා....
දිලා කියන දේට මමත් එකඟ වෙනවා.
ReplyDeleteකතාව නම් අපූරුයි තමා
මේකෙ තියෙන ඉන්දියානු ගතියට මම පොඩ්ඩක් වත් කැමති නෑ. ඒ නිසා ම ද මන්දා කතාව හින්දි ෆිල්ම් එකක් වගේ
ReplyDeleteජීවිතේ මල් kiyana eka hari. plot eka hondai. ara widiyata una nan tawat hondai
ReplyDeleteනම් ගම් කටට හුරු නැති නිසා පොඩි අවුලක් තිබුණා. ඒ වුණත් රසවත් කතාවක්.
ReplyDeleteලස්සන කථාවක්. ඒ දැරිවිගේ අසරණ කම දැනෙන විදිහට ලියා තිබෙනවා. දිල් කිව්වා වගේ අර විදිහට ක්ලයිමෙක්ස් එකේදි අවසන් කලා නං තවත් හොඳයි. කොහොම වුනත් ලස්සන කථාවක්.
ReplyDeleteමෙවැනි කතා පැරණී හින්දි චිත්‍රපට වලට තේමා වී ඇති බවක් මතක් උනා.
ReplyDeleteදිල් හරියටම කියලා තියෙනවා.
ReplyDeleteඇත්තටම අපූරු කතාවක්
ReplyDeleteඅපූරුයි . . .
ReplyDeleteඅවසානයේ ආරාධනය ගැන කීමෙන් ජාන්වී ආරාධනය පිලිගන්න කැමති බවක් ඇඟෙව්වා වගේ නිසා කතාව්ට හානියක් උනා කියලා දිල් කියන දේ ඇත්ත . . . මොකද පාඨක අපිට ඕන හැපි එන්ඩ් එකක් . . අර කියපු තැනින් නතර කලා නම් අපි හිත හදාගනන්වා ජාන්වී ආරාධනව ප්‍රතික්ෂේප කලා කියලා . . .
කොහොම නමුත් සාර්ථක නිර්මානයක්
මමත් කලින් අහල තියෙන සුලබ කතාවක් උනත් ලස්සනට ගලාගෙන යනවා....උච්ඡාවසානය පිළිබඳව දිල් සහ දුකා සමඟ එකහෙලා එකඟ වෙමි.....
ReplyDeleteමෙය ද සුඛාන්තයක් නොවුවද, සිත්ගන්නා සුළු තේමාවක් යටතේ ගොඩ නැගී ඇති බව කිව හැකියි. තේමාව අනුව මෙය දිවයන්නේ නර්තනය හා සම්බන්ධ කථාවක් මත නිසා ඇත්තටම හින්දි නම් භාවිතා කර නොහැකි තත්ත්වයක් පවතියි. එයට හේතුව අප රට තුල මේ විස්තර වෙන ආකාරයේ සංස්කෘතියක් නොමැති බැවිනි.
ReplyDeleteකුඩා කල අම්මාගේ රූ සපුව ගැන ජාන්වීට වඩා ආඩම්බරයෙන් උන්නේ ස්වප්නාය. තමන්ද යම් කලෙක අම්මා මෙන් රුවැත්තියක් වන බවත් ඇය මෙන් තානායමේ රඟන බවත් කියා නිතරම පුරසාරම් කී ස්වප්නා වයසින් වැඩෙත්ම අම්මාට වෛර කරන්නට වුවාය. වෛරයේ කෙලවර වුයේ, සියල්ලන්ගෙන්ම සමුගෙන ස්වප්නා තානායම් නිවස හැර යාමයි.
බොහෝ තැන් වලදී සිදුවන දෙය මෙහිදී ද සිදුවී ඇත. බොහෝ දෙමව්පියන් හොඳින් හෝ නරකින් උත්සහ දරනුයේ සිය දරුවන් පෝෂණය කිරීමටය. කුඩාකල වීරවරු වීරවරියන් ලෙස දකින සිය දෙමව්පියන්ම වැඩිහිටි වූ විට ලැජ්ජාවට කාරණයක් වන අයුරු....
කෙසේ වුවද, මෙවන් තත්ත්වයකින් එක් අයෙකු හෝ ගලවා යැවීම පිළිබඳව කථාකරුට මාගේ ස්තුතිය.
මෙම කථාවේදීද බාල දියැණිය ආබාධිත බව කියමින් අවසානයේ කියන්නට උත්සහ දරණ දෙයට උත්ප්‍රේරකයක් සපයාගෙන ඇත. එය පැසසුම් කටයුතුය. සමහරවිට එම දියැණිය ආබාධිත වී ඇත්තේ, උපදින්නට සිටින විට ගැබ විනාශ කරන්නට දැරූ උත්සහයක් නිසාවෙන් විය හැකිය. එසේත් නැත්නම් මව සතු වූ දරුණු සමාජ රෝගී තත්ත්වය නිසා විය හැකිය. ඒ දෙකින් කොයි දේ වුවද කථාවේ සමස්ථාර්ථයට එය උත්ප්‍රේරකයක් වී ඇති බව මගේ හැඟීමයි.
දැන් අනෙක් පසට හැරෙමු. නම් ගම් හින්දි භාවිතා කිරීම දිවට නුහුරු වුවද, කථාවේ තේමාවට අනුව එසේ යෙදීම කල යුතුව තිබූ බව පැවසීමි. එනමුදු
“ජීජී.. ව..තු..උ..ර...“ මෙය නොසැලකිය යුතු මට්ටමේ කාරණයක් වුවද මේ වෙනුවට අක්කේ වතුර කියා යෙදිය හැකිව තිබු බව හඟිමි.
තවද, ලාල් ජී සෙට් ජී යන තැන් වලදී ද ලාල් මහත්තයා ලොකු මහත්තයා වැනි වදන් වුවද භාවිතා කල හැකිව තිබූ බව සිතේ. කොහොම නමුත් මෙම කාරණා දෙක නම් මෙම කථාවේ දිව යෑම හා සැලකීමේදී ඇත්තටම නොසැලකිය යුතු මට්ටමේ ඒවාය.
සිලිං: සිලි: හඬන් පාසළඹ හඬ නංවමින් නිවස තුල සිට පැමිණි තානායමේ ප්‍රධාන අභිසරු ලිය බන්දේසියක තැබූ මොණර නිල් පැහැති සාරියත් ගෙජ්ජි යුවලත් ජාන්වී අත තැබුවාය.
වෙව්ලන දෑත මත දිදුලන සාරියත් ගෙජ්ජි යුවලත් තානායම් මිදුලේ නැටුම් පොල වෙතට යන්නට ජාන්වීට සුහද ලෙස ඇරයුම් කරනා සෙයක් ඇයට දැනුනි.
ඔව් කිහිප දෙනෙකු සටහන් කර ඇති පරිදි ...... ජාන්වී අත තැබුවාය.... යන්නෙන් අවසන් කලා නං වඩා හොඳ විය හැකිව තිබුනි. එසේ නොමැති වුවද සමස්ථාර්ථයට අනර්ථයක් නොවන පරිදි, පාඨකයාට කැමති ආකාරයකට සිතා ගත හැකි වන පරිදි අනිත් ඡේදයත් සමගින්ද මෙය අවසන් කල හැකිව තිබේ. එම ඡේදයේ සුහද ලෙස යන්න ඉවත් වුනේ නම් ඇය මෙය ධනාත්මකව ගත්තේද සෘණාත්මකව ගත්තේද යන්න සිතා ගැනීම අපට ඉතිරි කරනු ඇත.
මෙම කෙටි කථාවද පැසසුම් කටයුතු මට්ටමේ පවතින අතර සෘජු ලෙස සැපයූ ආදර්ශයක් හෝ උපදේශයක් නැතද, පාඨකයාට බර වූ සිතින් පසෙකට වී කල්පනා කිරීමට යම් දෙයක් ඉතිරි කල ප්‍රශස්ත මට්ටමේ නිර්මාණයක් බව කිව හැකිව තිබේ.
ජීවිතේ මල් කියපු කතාවට එකඟයි... හොඳ නිර්මාණයක්.
ReplyDeleteමෙය ද සුඛාන්තයක් නොවුවද, සිත්ගන්නා සුළු තේමාවක් යටතේ ගොඩ නැගී ඇති බව කිව හැකියි. තේමාව අනුව මෙය දිවයන්නේ නර්තනය හා සම්බන්ධ කථාවක් මත නිසා ඇත්තටම හින්දි නම් භාවිතා කර නොහැකි තත්ත්වයක් පවතියි. එයට හේතුව අප රට තුල මේ විස්තර වෙන ආකාරයේ සංස්කෘතියක් නොමැති බැවිනි.
ReplyDeleteකුඩා කල අම්මාගේ රූ සපුව ගැන ජාන්වීට වඩා ආඩම්බරයෙන් උන්නේ ස්වප්නාය. තමන්ද යම් කලෙක අම්මා මෙන් රුවැත්තියක් වන බවත් ඇය මෙන් තානායමේ රඟන බවත් කියා නිතරම පුරසාරම් කී ස්වප්නා වයසින් වැඩෙත්ම අම්මාට වෛර කරන්නට වුවාය. වෛරයේ කෙලවර වුයේ, සියල්ලන්ගෙන්ම සමුගෙන ස්වප්නා තානායම් නිවස හැර යාමයි.
බොහෝ තැන් වලදී සිදුවන දෙය මෙහිදී ද සිදුවී ඇත. බොහෝ දෙමව්පියන් හොඳින් හෝ නරකින් උත්සහ දරනුයේ සිය දරුවන් පෝෂණය කිරීමටය. කුඩාකල වීරවරු වීරවරියන් ලෙස දකින සිය දෙමව්පියන්ම වැඩිහිටි වූ විට ලැජ්ජාවට කාරණයක් වන අයුරු....
කෙසේ වුවද, මෙවන් තත්ත්වයකින් එක් අයෙකු හෝ ගලවා යැවීම පිළිබඳව කථාකරුට මාගේ ස්තුතිය.
මෙම කථාවේදීද බාල දියැණිය ආබාධිත බව කියමින් අවසානයේ කියන්නට උත්සහ දරණ දෙයට උත්ප්රේැරකයක් සපයාගෙන ඇත. එය පැසසුම් කටයුතුය. සමහරවිට එම දියැණිය ආබාධිත වී ඇත්තේ, උපදින්නට සිටින විට ගැබ විනාශ කරන්නට දැරූ උත්සහයක් නිසාවෙන් විය හැකිය. එසේත් නැත්නම් මව සතු වූ දරුණු සමාජ රෝගී තත්ත්වය නිසා විය හැකිය. ඒ දෙකින් කොයි දේ වුවද කථාවේ සමස්ථාර්ථයට එය උත්ප්රේමරකයක් වී ඇති බව මගේ හැඟීමයි.
දැන් අනෙක් පසට හැරෙමු. නම් ගම් හින්දි භාවිතා කිරීම දිවට නුහුරු වුවද, කථාවේ තේමාවට අනුව එසේ යෙදීම කල යුතුව තිබූ බව පැවසීමි. එනමුදු
“ජීජී.. ව..තු..උ..ර...“ මෙය නොසැලකිය යුතු මට්ටමේ කාරණයක් වුවද මේ වෙනුවට අක්කේ වතුර කියා යෙදිය හැකිව තිබු බව හඟිමි.
තවද, ලාල් ජී සෙට් ජී යන තැන් වලදී ද ලාල් මහත්තයා ලොකු මහත්තයා වැනි වදන් වුවද භාවිතා කල හැකිව තිබූ බව සිතේ. කොහොම නමුත් මෙම කාරණා දෙක නම් මෙම කථාවේ දිව යෑම හා සැලකීමේදී ඇත්තටම නොසැලකිය යුතු මට්ටමේ ඒවාය
සිලිං: සිලි: හඬන් පාසළඹ හඬ නංවමින් නිවස තුල සිට පැමිණි තානායමේ ප්රදධාන අභිසරු ලිය බන්දේසියක තැබූ මොණර නිල් පැහැති සාරියත් ගෙජ්ජි යුවලත් ජාන්වී අත තැබුවාය.
වෙව්ලන දෑත මත දිදුලන සාරියත් ගෙජ්ජි යුවලත් තානායම් මිදුලේ නැටුම් පොල වෙතට යන්නට ජාන්වීට සුහද ලෙස ඇරයුම් කරනා සෙයක් ඇයට දැනුනි.
ඔව් කිහිප දෙනෙකු සටහන් කර ඇති පරිදි ...... ජාන්වී අත තැබුවාය යන්නෙන් අවසන් කලා නං වඩා හොඳ විය හැකිව තිබුනි. එසේ නොමැති වුවද සමස්ථාර්ථයට අනර්ථයක් නොවන පරිදි, පාඨකයාට කැමති ආකාරයකට සිතා ගත හැකි වන පරිදි අනිත් ඡේදයත් සමගින්ද මෙය අවසන් කල හැකිව තිබේ. එම ඡේදයේ සුහද ලෙස යන්න ඉවත් වුනේ නම් ඇය මෙය ධනාත්මකව ගත්තේද සෘණාත්මකව ගත්තේද යන්න සිතා ගැනීම අපට ඉතිරි කරනු ඇත.
මෙම කෙටි කථාවද පැසසුම් කටයුතු මට්ටමේ පවතින අතර සෘජු ලෙස සැපයූ ආදර්ශයක් හෝ උපදේශයක් නැතද, පාඨකයාට බර වූ සිතින් පසෙකට වී කල්පනා කිරීමට යම් දෙයක් ඉතිරි කල ප්ර්ශස්ත මට්ටමේ නිර්මාණයක් බව කිව හැකිව තිබේ.
ReplyDelete(මේ කොමෙන්ටුවත් සමගින් මෙම ලිපියට මා එවූ කොමෙන්ට් ගණන තුනක් නම් මුල් කොමෙන්ටුව පමණක් පළ කිරීම සෑහේ)
බොහොම ගැඹුරු කතාවක් ඒත් සරලව කියලා. +++
ReplyDelete