පනහේ නෝට්ටුව

අපි කවදහරි අපේ හදවත ඇතුලට එබිලා බැලුවොත් , එහෙම වෙන්නෙ හරිම කලා තුරකින්.එහෙම වෙලවට   අපි නොසිතූ අවසානයක් හමුවුනොත් මොනවා දැනෙයිද..? මාද එයට පිළිතුරු   සොයමින් සිටිමි.

                     එදා සෙනසුරාදා දවසකි .පුරුදු පරිදි මා පුස්කාලයට යෑමට බසයට ගොඩ විය . වට පිට බලා ඉඳ ගැනීමට ආසනයක් සෙවූ මා හට ඉඳ ගැනිමට තවදු බසය තුල ඉතිරිව තිබුනේ එක් ආසනයක් පමණි .බසයේ ඉදිරිපසම ආසනය වු එහි මා ඉඳ ගත්තේය . මාගේ ආසනයේම ඉඳගෙන සිටියේ තරමක් මැදි වයස ඉක්ම වූ කාන්තාවකි .මදක් අපිළිවෙල ගතියකුදු ඈ තුල තිබුණි .

බසය කොළඹ බලා වේගයෙන් ගමන් ආරම්භ කළේය .බසය ගමන් ගත් වේගය නිසා ඒ තුල සිටි සියල්ලොම මදක් විමසිල්ලෙන් අල්ලාගෙන සිටියේය .එසේ ටික දුරක් ගමන් ගන්නට වූවා පමණි . විශාල හඬක් එක්කම බසය නතර විය .සිදු වූයේ කුමක්දැයි සිතා ගැනීමට නොහැකි විය .

"
හරක් හැපුනට ගානක් නෑනෙ මහත්තයො .පොලිසියෙන් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ . හරක් කොහොමත් ඔහේ පාර පනිවනෙ . ඔව්ව ඒ මහත්තරු දන්නවා ... "

මාගේ ආසනයේ සිටි ඇය මා දෙස බලා කියන්නට විය . මා ඇය සමග දොඩමළු වීමට උත්සහ නොගත්තද මා ඇයට සිනහවකින් මාගේ අදහස කීවේය .ටික වේලාවකින් බසය තුල වූ නොසන්සුන් බව හීන වි නැවතත් සුපුරුදු පරිදි බසය ගමන් ආරම්ළේය . එතරම් ප්‍රියජනක ස්වරූපයක් ඈ තුල නොවූවද ඇයගේ ඇතැම් ක්‍රියාවන් දෙස මා විමසිල්ලෙන් බලා සිටියේය . එක් වරම ඈ ඇයගේ ලේන්සුව ගෙන ඒ තුල ගුලි කරගෙන සිටි සල්ලි කොල කීපයක් දිග හැරියාය . නමුත් ඒ අතර එක් සල්ලි කොලයක් ඉතාමත් පිලිවෙලට තබාගෙන සිටිනු පෙණින .මා ඇය දෙස බලා සිටිනු ඈ දැක්කාය .එක් වරම මා දෙස බැලූ ඇය මද සිනාහවක් පළකළේය . ඊලගට වීමට යන්නේ කුමක්දැයි මා හට සිතා ගැනීමට පුළුවන . මා ඉදිරිපස හැරී ගමන් ගත්තේය .

මාගේ නිගමනය නිවැරදිය . එක්වරම ඇය මා දෙසට හැරී කතා කිරීමට පටන් ගත්තාය .

"
මහත්තයෝ ..., මහත්තය ළග රුපියල් පනහෙ කොලයක් නැද්ද ... ?

"
නෑනෙ . මාරු සල්ලි කීයක්වත් නෑ . " මා පිලිතුරු දුන්නෙමි . 

ඇය එක්වරම ඇය ළග තබාගෙන සිටි රුපියල් පනහෙ කොල දෙකක් මා හට පෙන්නුවාය. ඉන් එක් කොලයක් අලුත් පනහෙ කොලයකි .

"
මේ බලන්න මහත්තයෝ .. , මේ සල්ලි කොල දෙකේ වෙනස . මේකට වඩා පුදුම ලස්සනක් මේකෙ තියෙන්නෙ. නේද මහත්තයො ? . මේක අලුත්ම පනහෙ කොලයක් . මට මේක මහත්තයෙක්  දුන්නෙ . මහත්තය දැක්කද අලුත් පන්සීයෙ කොලේ ... ? ඒක දම් පටයි ......" 

ඇය තමන් ග තිබූ පනහෙ කොල දෙක දෙස බලමින් සිටියාය .මා පෙරටත් වඩා දැන් ඇය පිළිබඳව විමසිලිමත්ය .

"
මහත්තය ළග නැද්ද අලුත් පනහෙ කොලයක් .මම මහත්තයට මෙ පනහෙ කොලේ දෙන්නම් "

මා හට තවමත් සිතා ගැනීමට නොහැකිය .ඇයට අවශ්‍ය වන්නේ අලුත් පනහෙ නෝට්ටුවකි .ඇයට මෙතරම් ඒ අලුත් පනහෙ නෝට්ටුව සමීප වී ඇත්තේ ඇයි දැයි සිත ගැනීමට නුපුළුවන .ඒ එක අලුත් නිසාවෙන්ද ... ? නැතිනම් එය මහත්තයෙක් දුන් නිසාවෙන්ද ... ?

"
ඇත්තටම මං ළග පනහෙ කොලයක් නෑනෙ ... "

"
අහ් ... කමක් නැ මහත්තයො ."

ඇය ඒ සියල්ල පෙර සේම ලේන්සුවේ ඔතාගත්තේය .නමුත් අලුත් පනහෙ නෝට්ටුව පමණක් ඇගේ හදවත තුලට රිංගා යනු මට පෙණුනි .

"
මං ඉස්සරහ බහිනවා මහත්තයො . බුදු සරණයි ... ! "

"
බුදු සරණයි ... ! "

ඇය ආසනයෙන් නැගිටිමට උත්සහ ගෙන නැවත මා දෙසට හැරුණේය .

මහත්තයො ... ! කරදරයක් නැත්නම් ඔය බිම තියෙන කිහිලිකරුව පොඩ්ඩක් අරං දෙනවද .... ?

එවේලෙහි මාගේ හදවත ඉරාගෙන පුදුමාකාර වූ කම්පණයක් විනිවිද ගියේය. .තවමත් එය හදවත තුල හඩ නගණු මට දැණේ . ඒ අවසානය මා විසින් කිසිසේත්ම අපේක්ෂා නොකළ අවසානයක් විය .


ලියා එව්වේ - උෂාන් පුෂ්පකුමාර
http://ushan-ushanpushpakumara.blogspot.com/

26 comments:

  1. මේ කතාව රසවත්.හොඳ ගලායාමක් තියෙනවා.ඒත් කතාවෙ අවසානය ඒ තරම් ප්‍රබලව මට දැනුනෙ නෑ.හරියට තවත් කෑල්ලක් අඩුයි වගේ.

    ReplyDelete
  2. එච්චර දැණුනේ නෑ..

    ReplyDelete
  3. ow eka eththa. Samahara welawata api nohithana welawaka nohithana katu ape hithe enenawa

    ReplyDelete
  4. I dont get it? What's the connection between the 50 Rupee note and the disability?

    ReplyDelete
  5. අපරාදේ කියන්න බෑ මෙලෝ හසරක් වැටහෙන් නැ එහෙන් හරකෙක් පනිනවා මෙහෙන් පනහක් තව කොහෙන්ධෝ කිහිලි කරුවක් අන්තිමට කියලා තියන දේ තමයි අපිටත් කියන්න වෙන්නේ . කතාව අතර කිසිම ගෙලපිමක් නැ.

    " ඒ අවසානය මා විසින් කිසිසේත්ම අපේක්ෂා නොකළ අවසානයක් විය " අපිත් කිසිසේත්ම මෙහෙම අවසානයක් බලා පොරොත්තු උනේ නැ මේක නිකන් හින්ධි ෆිල්ම් එකක අන්තිම වලියේදී හරකෙක් පැනල දුෂ්ටය මලා වගේ සින් එකක

    ReplyDelete
  6. භාෂා භාවිතය අතින් ඉතාම දුර්වලයි. ගත යුත්තක් නැත.

    ReplyDelete
  7. ඔබ හිතපු දේ එළියට ඇවිත් නෑ වගේ.... කතාව ලස්සනට ලිව්වත් අවස්ථා සම්බන්ධය දුර්වලයි....

    ReplyDelete
  8. තීම් එක හොඳ එකක්.ශක්තිමත් වදන් භාවිතයක් තිබුනා නං තවත් ලස්සන වෙයි මේ කථාව.

    ReplyDelete
  9. සරල තේමාවක්. ලොකු මහප්‍රාණ ඕනෙමයි කියනවා නෙවෙයි කතාවක් වෙන්න. ඒත් කතාවක කියවන්නා තිගස්වන සුලු හෑඟීමක් දෑනවෙන්න ඕනෙ. එහෙම දෙයක් මට දෑනුනෙ නෑ.

    අනිවාර්යයෙන්ම සෑසඳීම් කෙරෙනවා. ඒක වලකන්න බෑ. ඒත් මෙතන සරල සිදුවීමක් උනත් තියුණු ලෙස රසවත් ලෙස දෑක්වීම උපක්‍රමශීලි බව මම දුටුවෙ නෑ.

    ReplyDelete
  10. අවුල්. මට නම් මේ කතාව අවුල්...

    ReplyDelete
  11. කව්ද බන් මේ ගොබ්බ කතාවට මෙච්චර වෝට් කලේ වෝට් වැඩි නිසා මමත් මේ පන කඩන් ඇවිත් බැලුවා පට්ට කතාවක් කියලා. මෙක නිකන් ෆිල්ම් දෙකක් වැරදිලා එකට එඩිට් වෙලා වගේ. කිසිම ගැලපීමක් සහ කිසිම ගත යුත්තක් නෑ. ඔහේ වචන ලියලා.

    තරග සංවිධානය කරන අය පොඩ්ඩක් හොයලා බැලුවනම් වටිනවා සිරස SMS වගේ යාලුවොන්ට කියලා වෝට් කරගැනීමෙන් අනික් හොද තත්වයේ නිර්මාණ වලට අසාධාරනයක් වෙන්න පුලුවන් මේකෙ උඩ ඉදල තියන කොමෙන්ටු දැක්කම නිර්මාණය ගැන හැමෝම හිතන දේ පොදුවෙ නිර්මාණය අසාර්තකයි කියන එක නමුත් වෝට් කරන එකෙ ඉහලින්ම තියෙන්නෙ මේක . මේකත් සුපස්ටාර් වගේ වෙයි ද

    ReplyDelete
  12. හරි පුදුමයි!! මේවගේ දුර්වල කතාවලටත් ලයික් දාන මිනිස්සු ඉන්නවනෙ.

    ReplyDelete
  13. ඇත්තටම අර තැනැත්තියගේ හැසීරීම් රටාවත් එක්කම අපිවත් ඊ ළඟ මොහොතේ ඇය කුමක් කරාවිද කියන කුතුහලය නිසා කතාවට ඇඳ බැඳගෙන එන්න සමත් උනත්.. අවසානයේදී අපි මෙච්චර දුරක් ඇයත් එක්ක බස් එකේ ආව එක අපරාදේ කියලා හිතෙන්න සලස්වලා තියෙනවා..

    පනහේ කොළය මැද්දට නාවනං මුලින් උන හරකා හැප්පිල්ලයි..මැයගේ ආබාධිත බවේ හේතුවත් රිය අනතුරක්ය යන කරුණයි අතරවත් සම්බන්දයක් ගොඩ නගන්න තිබුනා..ඒත් එකකට එකක් නොගැලපෙන කරුණු හරහා කතාවෙන් අරමුණු කලේ..සහ අපව ගෙනියන්න හැදුවේ කොතැනටද කියන කාරනාව ප්‍රශ්නාර්ථයක් බවට පත් කරලා තියෙනවා...

    මෙම නිර්මාණය අසාර්ථක එකක් බව කණගාටුවෙන් උනත් කියන්න ඕන... ඒත් කෙටි කතා රචනයට දක්ෂතාවයක් ඇති කෙනෙක් බව කියන්න පුළුවන් කතාව ගලාගෙන යන්න දෙන විදිය දැක්කම..මේ තරඟය අමතක කරලා ඊ ළඟ නිර්මාණයකදී පුංචි කටු සටහනක්..සැලැස්මක් මත ලියන්න උත්සහ කලානං හොඳ ප්‍රතිඵලයක් ගන්න හැකියාව තියෙනවා

    ReplyDelete
  14. කතාව කෙසේ වෙතත් වෝට් කැම්පේන් පට්ට. ඔහෙම යං ඔහෙම යං!! මේක ලියපු එකාට කොම්පියුටර් ජිල්මාට් කරලා ජනාදිපති වෙන්න උනත් බැරි කමක් නෑ..

    ReplyDelete
  15. තේරුනේ නැත . . . ප්ලොට් එක සහ ෆ්ලෝ එක සමපාත නොවේ . .. (මේ මට හිතුනු හැටිය)

    ReplyDelete
  16. භාෂාව රසවත් වියයුතුය . අඩුම තරමේ විධිමත් විය යුතුය . නැතහොත් ඒ අඩුපාඩු සියල්ලම වැසී යන පරිද්දෙන් ප්‍රස්තුත ප්‍රපංචය හා කතා සාරය බලවත් විය යුතුය , මේ සාර්ථක කෙටිකතාවක් ගැන මා සිතා සිටි දේය . බලාගෙන ගියාම එහෙම එකක් නැත . මෙවන් කෙටි කතා වලටද ඇති තරම් ලයික් ලැබේ !

    ReplyDelete
  17. අපෝ මෙ මගුලටද මෙච්චර ල්යික් තියෙන්නෙ.. චා බන් ලයික් කරපු උන්ගෙ රසවින්දනය ගැන හිතන්ඩ පුලුවන් මෙඟෙම තරග තියලා වැඩක්ද බන්. මෙලො හසරක් නැති මගුලකට වැඩිම ලයික් අර උඩින් එකා කිව්වා වගෙ සිරස සුපස්ටාර් වගෙ. තරගෙත් චා කතාවත් චා මෙහෙම ගියොත් මෙ වගෙ කතාවකට ල්යික් කරපු ගොබ්බයො උනත් හිතන්න ඔන යාලුවා උනත් මුගෙ නිර්මානය හරවත් ද කියලා. බොරුවට මේ ගෘප් වල හිටියට මුන් ආසවකට පොත් කියවලා නෑ කියවනවන්ම් මේ වගෙ ගොබ්බ කතාවකට ලයික් කරන්නෙත් නෑ

    ReplyDelete
  18. සඳරුවන් විජේනායකSeptember 27, 2011 at 6:38 PM

    පනහේ නෝට්ටුව සත පහක් වැඩක් නැත

    ReplyDelete
  19. මේ කතා සෙට් එකේ තියන දුර්වලම කතාවකි...

    ReplyDelete
  20. රශි සෙන්කඩSeptember 28, 2011 at 12:36 AM

    පුදුමයි .. මෙකට මෙච්චර ලයික්ස් ... මෙහම කරලා දිනන්න ලැජ්ජා නැද්ද කොම්පීතර ජිල්මාට්. මෙම කතාව කිසිම සම්මානයකට සුදුසු නැත වචන සමූහයක් මිස කියවන්නාට හැගෙන දැනෙන කිසිම දෙයක් කතාව තුල නැත

    ReplyDelete
  21. මෙම කථාව ගැන අදහස් දැක්වීමේදි මම පනවා ගත් සීමා ‍බිඳේදැයි බිය සිතේ. මම මෙහෙම කියන්නම්. මෙය සමහරවිටෙක කථාකරුට සිදුවූ සත්‍යය සිදුවීමක් පදනම් කරගෙන ලියවෙන්නක් විය හැකියි. බොහොම විට කථා ගොඩනැගෙන්නේ සත්‍යය සිද්ධි පදනම් කරගෙනය. එහි ගැටළුවක් නැත. එහෙත් කෙටි කථාවකින් පණිවුඩයක් අවශ්‍ය නැති බව පවසන අය පවා මෙම කෙටි කථාවේදී නිරුත්තර වන අයුරක් තිබේ. ඒ පණිවුඩයක් බලාපොරොත්තු නොවනා අයවලුන් ව වුවද අතරමං කරනා ලකුණක් මෙහි ඇති නිසාය.

    මෙම සිදුවීම උපයෝගිකරගෙන මාරයාගේ හෝරාව පවසන පරිද්දෙන් සතා හැප්පීමයි ‍මේ කාන්තා‍වගේ ආබාධිත භාවයයි එකිනෙක සම්බන්ධ කර යම් වැදගත් දෙයක් ගොඩනගන්න තිබුණු අවස්ථාවද ගිලිහී ගොස් තිබෙන අයුරු පෙනී යයි. කෙසේ හෝ පණිවුඩයක් හෝ විනෝදයක් නොසපයාම කථාව අවසන් වී තිබේ.

    මට කියන්ට වැඩිපුර දෙයක් නැත. කීමට ඇත්තේ මල්ලී, ඔයාට යම් හැකියාවක් ඇති බව පළමු ඡේදයෙන් මට දැනුනා. ඒ හැකියාව වැඩිදියුණු කරගන්න. මේ ඡන්ද ව්‍යාපාරයේ කටයුතු දකින කෙනෙකුටත් එපාකරවන සුළුවිදිහට ඔයා ගොඩනගනවා.කලාවට අකටයුත්තක් සිදු නොවන ලෙස කලාකාරයෙකු වන්න. හෙට දවස ඔබේයි.

    ReplyDelete
  22. ඉතා අසික්කිතය.. ලියපු එකාගෙ නම දැන ගන්නා තුරු පුල පුලා බලා සිටිමි. කලාව යන්නෙහි තේරුමවත් වටහා නොගත් පුදගලයෙක් බව ඉතා හොදින් පැහැදිලි වේ . මල්ලි හෝ නංගී සාර්ථකත්වය කියන්නෙ අහල පහල උන්ට වැදලා ලයික් කරගන්න එක නෙවෙ . ඒකට කියන්නෙ දේශපාලනය . මේකට බනින්න ඕන මේකට ලයික් කරපු උන්ට පොත් කියවන අය කියල කියාගෙන හිටියට හෝඩි පොතවත් කියවපු නැති උන් තමයි මේකටනම් ලයික් කරන්නෙ

    ReplyDelete
  23. මට හිතෙන්නේ මේක ලියල තියෙන්නේ හඳගම හරි විමුක්ති හරි දෙන්නගෙන් එක්කෙනෙක්....

    ReplyDelete
  24. මේක කලින් බ්ලොග් එකක ගිය කතාවක් නේද?

    http://lankablogger.com/?author=78

    http://ushan-ushanpushpakumara.blogspot.com/2011/04/blog-post.html

    ReplyDelete
  25. මේ කමෙන්ට් එක දැක්කම මාත් බැළුවා..මේක මේ අන්තිමයගේ බ්ලොග් එකේ ගිය එකක්නේ...

    මේකේ තරඟ නීතිරීති වලට අනුකූලද එහෙම පල කරපු එකක් නැවත පල කරන්න..?

    ReplyDelete

මේ කෙටිකතාව ගැන ඔබගේ අදහස්