ආශක්ත වීම.

කෙල්ලන්ට වඩා ගැහැණුන් කෙරෙහි කොල්ලන් ආශක්ත වන්නේ ඇයි දැයි විවිද තර්කණ ඔස්සේ මේ ගැන හැගුන දවසේ සිට මම සිතා බැලුවෙමි. මනොවිෂ්ලේෂනයේ මතයට වඩා මට ඇත්තේ වෙනමම මතයකි. කෙල්ලන් සම්බන්දයෙන් ආදරයේ සිට දවසින් දවස, පඩියෙන් පඩිය අවසන් ඉලක්කය වෙත යායුතුය. දින ගණන තිරනය වන්නේ කොල්ලාගේ දක්ෂතාවය හා කෙල්ලගේ ආශාව මතය. ඇතැම් විට මෙම සුත්‍රයේ පිළිතුර දින දෙකක් වන අතර අවුරුදු හයක් ගෙවුනද පඩි දෙකක් පමනක් නැගගත් මිතුරන්ද අප අතර සිටී. ගැහැණුන් සමග සබදතාවය ඉක්මනින්ම අවසන් ඉලක්කයක් කරා රැගෙන යා හැකිය. එහිදි සුත්‍රය වන්නේ මුදල් හා එඩිතර කමය. ( කපටිකම / මොඩකම ).
"මොනවද ඔච්චර කල්පනා කරන්නේ "
ඒ මගේ අලුත ගෙනා මනමාලියයි.
ඈ ඇන්දේ ජින්ස්ය, කැවේ වැඩිපුර පළතුරුය, බිව්වේ cool බීමය, ගියේ  A/ C බස් වලය. 
බසයේ අසුනක් නොමැතිනිසා ,  A/ C බසයේ දොර අසල සිටගෙන සිටින පිරිපුන් සිරුරක් ඇති කාන්තාවක් දෙස බලා සිටි මගෙන් ඈ අසයි. 
"මොකුත් නෑ"
"මොකුත් නෑ... මම බලාගෙන , බැදලත් පුරුද්ද අතහරින්න බැරිවුනා නේද ?"
"ඔයාට පිස්සු"
"ඔව් මට පිස්සු" 
දැස පියාගත් ඇය සිට් එකේ හිස තබාගත්තාය.
මට දකුණු පැත්තේ ඇති ජම්පින් සිට් එකේ සිටින නාඹරගැටයා මා විනිවිදිමින් මගේ මනමාළිය දෙස නිතර බලයි. මම මගේ මනමාලියගේ කකුළට අතතබා ඇගේ මුහුණ සිඹගත්තේය. දොර ලග සිටිගෙන සිටින මා කථා නායිකාව මා හට මදසිනාවක් පැවාය. මම නැවතත් මනමාළියව සිඹගත්තේ දොර අසල සිටින ඈ දෙස බලාගෙනය. 
"බොරු ආදරේ "
මගේ මනාළිය මුමුණයි.
ජම්පින් සිට් එකේ සිටි ගැටයා නැගිට ඉදිරියට ගියේය. මා කථානායිකාව ඉදිරියේ සිට පාවි මෙන් විත් මගේ ඇගේ ගැවි නොගැවී ජම්පින් සිට් එකේ වාඩිවිය. ඇය මා දෙස බලා මද සිනහවක් පෑවිට මගේ හදවත නතරවුණි. නතරවුණු හදවත නැවත අපහසුවෙන් තම කාර්යය අරබන බව දැනේ. නැත්නම් මට සිදුවන්නේ නන්නාදුන කාන්තාවක් දෙස බලාගෙන මිය යන්නටය. 
කෙනෙකුට තව කෙනෙකුගේ සිතුවිලි කියවිය හැකිනම් කොපමණ අපුරුද..?
එසේ උවහොත් ලොකය අවුලින් අවුලට යනු නියතය. දෙදෙනා එක ළග සිටින විට හොදින් ගලපා ගත හැකිය. ඇගේ දෙකළවා මාගේ මනමාළියගේ දෙකළවාට වඩා පිරිපුන්ය. පපුවද , උකුළද එලෙසම පිරිපුන්ය. දෙතොල් රතු කොට ඇති ඇගේ මුහුණෙහි අමුතු සිනාවක් රැදී ඇත. මගේ මනාළියගේ මුහුණේ ඇති හැගිම වටහාගත නොහැක. දුක, සතුට, කොපය මේ කිසිවක් ඇගේ මුහුණේ රැදි නැත. 
මගේ වම් පැත්තේ ඇති හදවත දකුණු පැත්තට මාරුවී ඇත. ඒ නිසා මගේ කථා නායිකාවගේ  හදවතේ ස්පන්දනය මගේ හදවතටම හොදින් දැනේ. මගේ හදවත් ස්පන්දනයද ඇයට හොදින් දැනෙන බව ඇගේ යටසින් බැලුම් වලින් මට වැටහේ.
"විකසිත වත කම්ලේ   - නෙත් බමරුන් පැටලේ,
බැල්මට නෙත් සගලේ -  සිත සිතුවිලි සසළේ "
මගේ මනාළිය අප බසින තැනට පැමිණ ඇති බැවින් මගේ කකුළද මිරිකාගෙන මට පෙර නැගිට ඉදිරියට යයි. මගෙත් කථා නායිකාවගේත් දැස් එකිනෙක පැටලී කතාකරයි. නැවත හමුවන්නේ කෙලෙසදැයි මම මෙන්ම ඇයද සිතනු ඇත. අපුරු අදහසක් පහල විය. දෙපාරක් නොසිතා එය ක්‍රියාත්මක කලේය. අතේ තිබුණු ජ0ගම දුරකථනය වාඩිවී සිටි අසුන මත තබා මම ඉදිරි දොර ලගට ආවේය. ඇය මම දෙසත් දුරකථනය දෙසත් සුපුරුදු සිනාවෙන් බලා, ජම්පින් සිට් එකෙන් පසු පස ඔසවා මම සිටි අසුනේ තැබුවාය. 
බසයේ දොර ඇරුනි. මගේ මනාළිය මා දෙස නොබලාම බසයෙන් බැස්සේය. නොබැස බැරි නිසා මමද බසයෙන් බැස්සෙමි. බසය ඉදිරියට ඇදෙයි. බසයේ ඇතුල හරියට පෙනෙන්නේ නැත.
" තමුසෙට මොකද වෙලා තියෙන්නේ"
මනාළියගේ හඩේ කොපය ගැබ්වී වේගය වැඩිවි ඇත. 
මට ඇය සමග වාදවල පැටලෙන්නෙට උවමනාවක් නැත. මම රුපියල් 9000ක පමණ ඔට්ටුවක් අල්ලා ඇත. ඇය සිම් එක ගලවා දැමුව හොත් ඇයත් ෆොන් එකත් දෙකම අහිමි වනු ඇත. නමුත් මේ ඔට්ටුව එළෙසින් පරදිනු ඇතැයි මට නොසිතේ. 
ඔට්ටුවේ ජය පරාජය බලා ගැනිමට බුකියකට නොව දුරකථන කුටියකට යා යුතුය.

ලියා එව්වේ - නිහාල් රත්නායක

18 comments:

  1. wow..this is so great!!!!!

    ReplyDelete
  2. නෙලා ගන්න බැරි හින්දයි ඔබ ඔය තරමට ලස්සන
    නෙලා ගත්ත කිසිම මලක් නෑ ඔය තරමට ලස්සන...

    ReplyDelete
  3. කථාවේ හැසිරවීම සහ ගොඩනෑංවීම සම්බන්ධයෙන් විචාරයක් ඇත. ඒත් ප්ලොට් එක මරු. විශේෂයෙන්ම කථාවේ ඇතුළතින් ගලායන අතුරු කතාව...

    ReplyDelete
  4. mm........ rasawindiya heki katawak kiyewenawa,

    ReplyDelete
  5. බස හැසිරවීම පිළිබඳ ගැටළු ඇත. එහෙත් ඉතා සාර්ථක කෙටිකතාවකි...

    ReplyDelete
  6. මට නං ඇත්තටම හරියට හිනා ගියා මේ සිදුවීම මැවිලා පෙනිලා....... කථාව මැවෙන විදිහට සටහන් කරලා තියෙනවානේ.

    ReplyDelete
  7. මම කැමැති කතාවට තෝරා ඇති නමටයි. “ ආශක්ත වීම“. මුළු කතාවම එක වචනයක දවටල.

    ආදරයත් රාගයක් ඇතැම් මිනිසුන්ට කාරණා දෙකක් බව මා අසා ඇත්තෙමි. සමහර විට මෙය බොහෝ පිරිමින් හා ගැහැණුන් විෂයෙහි සත්‍ය වන්නට ඇත.

    කාගෙත් සිත් ඇඳ ගන්නා මාතෘකාවක් තෝරා ගැනීමට ලියන්නා කල්පනා කාරී වි ඇති බවක් පෙනේ..

    ReplyDelete
  8. ගොඩක් හොඳයි . . මිනිසුන්ගේ (ගැහැනු / පිරිමි පොදුව ගත්තොත්) ඇතුලාන්තයේ ඝට්ටනය අපූරුවට ලියවිලා තියෙනවා . . .

    ReplyDelete
  9. හෙහ්...හෙහ්.....හොඳ කතාවක්......

    හිත හීලෑ නෑ....හරිම මුරණ්ඩුයි....

    ReplyDelete
  10. මම සාමාන්‍යයෙන් බ්ලොග් ලිපි කිසිවකට කොමෙන්ට් පල කරන කෙනෙක් නෙමෙයි. ඒත්මෛවන් අවස්ථාවේදී අදහස් නොදැක්වීම නොකටයුතුයි යැයි මට දැනුනා. ඉඳින් මම හිතුවා මේ හැම කථාවකම මම දකින විශේෂ දේ හැම කථාවකම කොමෙන්ටුවක් විදිහට සටහන් කරන්න. මම බලාපොරොත්තු විනිශ්චය මණ්ඩලය මෙහි අදහස් දක්වන සැමගේ අදහස් දැක්වීම්, හොඳම කෙටිකථාව තේරීමේදී සැලකිල්ලට භාජනය කරයි කියලා. මුලින් දවස් තුනම මම මේ කෙටි කථා කිහිපවරක් කියෙව්වා. ඉඳින් දැන් මුල පටන් පිළවෙලට එකින් එක අදහස් පල කරන්නම්

    ReplyDelete
  11. කෙටි කථාව හෝ නවකථාව යන්න අර්ථ දැක්වීමට බලාපොරොත්තු නොවුනත්, සමස්තයක් වශයෙන් සලකන කල මේවාට අනන්යල වූ ලක්ෂණ තිබෙන බව සටහන් කරන්න කැමතියි. කෙනෙකුට හිතෙන්න පුළුවන් නිතී රීති මත යැපී නිර්මාණ නොකල යුතුයි යනුවෙන්. එහෙත් නීති රීතිම නොවුනත් පිළිගත් සම්මත තිබෙනවා මෙවාහී ගුණාත්මක භාවය සැලකීමේදී.

    මෙම කෙටි කථාව සැලකීමේදී මිනිස් හද සන්තානයේ තෙරපෙන ආශාවක්, අසම්මතය යන සීමාව මත නැගී අනෙක් පසට පනින්නට වෙර දරණ අයුරු මොනවට විස්තර කර තිබෙනවා. එය විනෝදාත්මක ලෙස සටහන් කිරීමට ලියුම්කරු ‍වැදගත් වූ උත්සහයක් ගෙන තිබෙන අතර එය ඵල දරා තිබෙන බවද කිව හැකියි. මිනිසුන් එක්වනම යම් යම් දේ මත එල්බගෙන ගන්නා ක්ෂණික තීරණ ගැන මේ හොඳම සාක්ෂියක්. ඔව්..... ලොව බොහෝ දේවල් සූදු. දිනපතා සූදු කෙලින අතරේ ආශාවක් සන්තර්පණය කරගන්නට කෙලි සූදුවක් මෙයින් කියැවේ. සමස්ත වෑයම සාර්ථක බව මගේ හැඟීමයි.

    මට දකුණු පැත්තේ ඇති ජම්පින් සිට් එකේ සිටින නාඹරගැටයා මා විනිවිදිමින් මගේ මනමාළිය දෙස නිතර බලයි. මම මගේ මනමාලියගේ කකුළට අතතබා ඇගේ මුහුණ සිඹගත්තේය. දොර ලග සිටිගෙන සිටින මා කථා නායිකාව මා හට මදසිනාවක් පැවාය. මම නැවතත් මනමාළියව සිඹගත්තේ දොර අසල සිටින ඈ දෙස බලාගෙනය.

    මා දකින විදිහට මෙම ඡේදයෙන් ඔහු යම් වැදගත් දෙයක් උද්දීපනය කරයි. මුල් වතාවේ සිය බිරිඳගේ කකුලට අත තබා ඇයව සිප ගන්නේ, අයිතිවාසිකම ජනනය කර පසෙක සිටින්නාට ආඩම්බරය පෙන්වීමටය. දෙවැනි වතාවේ අනෙක් කාන්තාව දෙස බලා සිය බිරිඳව සිප ගන්නේ, පේනවානේ මං හරිම ආදරණීය කෙනෙක්,නුඹටද මා දිනාගැනීමේ අවස්ථාවක් පවතී යන්න හැඟීමටය.

    "බොරු ආදරේ "
    මගේ මනාළිය මුමුණයි.
    ජම්පින් සිට් එකේ සිටි ගැටයා නැගිට ඉදිරියට ගියේය. මා කථානායිකාව ඉදිරියේ සිට පාවි මෙන් විත් මගේ ඇගේ ගැවි නොගැවී ජම්පින් සිට් එකේ වාඩිවිය.

    තම සැමියාගේ නියම තතු මැනවින් දන්නා අලුත ගෙනා මනාලිය නියම පිළිතුර ගැලපෙන ලෙස සපයයි. යන්න කිවු කෙනා ගොස් එන්න කිවු කෙනා ආ හැටිද අගනා දර්ශනයක් අප සිත් තුල මවා පාන බව මට හැඟේ.

    දැන් මේ දෙසට හැරෙමු. කෙටි කථාවක් රචනයේදී, එය ග්ර්න්ථයක් බවට පත්වෙන්නට හෝ, පුවත්පත් ලිපියක් බවට පත්වෙන්නට හෝ මෙවන් වූ තරඟයකට ඉදිරිපත් වෙන්නට යනවා නම් රීතියක් ලෙස ඉංග්රී්සි වදන් භාවිතා කිරීම නොසුදුසු බවට පිළිගැනීමක් ඇත.ඇරත් අර්ථයට හානී නොවන පරිදි මෙම වදන්වල සිංහල වදන් භාවිතා කිරීමට ලියුම් කරුට හැකියාවක් පවතී.

    තවත් කාරණයක් මෙහිදී පෙන්වා දීමට සතුටුවෙමි. මෙවැන්නක් රචනයේදී වරහන් භාවිතා කිරීම කථාවට කරන යම් බාධාවක් ලෙස හඟිමි. මෙහිදී එක් තැනක එලෙස භාවිතා කර ඇති අතර එයද අර්ථය වඩාත් උද්දීපනය වන පරිදි වෙනස් ආරකට සටහන් කරන්නට හැකියාවක් තිබේය යන්න මගේ සිතුවිල්ලයි.

    සමස්ත කථාව සැලකූ කල හොඳ තේමාවකි. සෘජුව දක්වන ආදර්ශයක් හෝ උපදේශයක් නැතද, තම සැමියාගේ හැසිරීම් ගැන සැලකිලිමත්ව සිටීමට බිරින්දෑ වරුන්ට ඉඟි සපයන බව සිහි කරන්නේ සිනාමුසුවය.

    ReplyDelete
  12. මේක මරු.... මගේ ඡන්දය මේකට නොලැබෙන්නෙ දශමෙකින්. ඡන්ද දෙකක් දෙන්ඩ තිබ්බනම් මේකත් අනිවාර්යෙන් තෝරනවා.

    ReplyDelete
  13. පට්ට. දැනට කියවපු හොඳම කතාව

    ReplyDelete
  14. saba arthayak gatha haka

    ReplyDelete
  15. මේ කතාව හරිම ලස්සනයි. මිනිස් සිත ක හැටි...
    Dilini.N.

    ReplyDelete
  16. මේ කතාව හරිම ලස්සනයි. මිනිස් සිත ක හැටි...
    Dilini.n.

    ReplyDelete

මේ කෙටිකතාව ගැන ඔබගේ අදහස්