ඉන්ද්‍රජාලිකයාගේ මරණය

අත්ලවල් එකට වදින දෙස ඔහු මොහොතක් බලා සිටියේය. ඒ ශබ්දයට ඔහු ආශා කල අතර එය නොතිත් ආශාවක් බවත්, තමාගේ ඉන්ද්‍රජාල උපදින්නේ මුදල් සහ අත්පොලසන් වෙනුවෙන් පමණක් බවත් ඔහු විශ්වාස කලේය. තිරය වැසුනතර, රතු තිරයෙන් ඔහු සැඟවී යන දෙස බලා සිටි පොඩිවුන්ගේ මුහුණේ වූ දුක්මුසු හැඟීම ඔහුට සතුටක් ගෙනාවේය. තිර වැසී, පහන් නිවී අවට අඳුරු වූ පසු ඔහු ක්ෂණයකින් ඔහුගේ අතීතයට ගියේය. හේ වලව් පැලැන්තියක එක් පරම්පරාවක් බඩ පිස්සෙකි. ඒ වනවිටත් අයියලා අක්කලා ස්වයං පාලනයක් යටතේ ජීවත්විය හැකි මට්ටමකට වැඩී තිබූ බැවින්, බඩපිස්සා වෙනුවෙන් තනි මෙහෙකරුවෙකු වෙන් විය. නෑවීම, කැවීම , සුරතල් කිරීම, නිදි කරවීමට අමතරව උරහිසේ පුංචි මහත්තයාගේ හිස හොවාගෙන පැදකුණු කිරීමද හේ සතුටින් ඉටු කලේය. කතා නායකයා දැණුම් තේරුම් යන වයසකට ආපසු, සවසක වලව්ව පසු පස මෙහෙකරුවා තම පුංචි හාම්පුතාට ඉන්ද්‍රජාල කිහිපයක් පෙන්වීය. අතේ වූ ටොපිය හැන්ගීම, වම් සාක්කුවට දැමූ රුපියල දකුණු සාක්කුවෙන් ගැනීම වැනි ඉන්ද්‍රජාල කිහිපයකට පසු තමා ඒ දෙස විශ්මයෙන් බලා සිටින විට, ඔහු තමා වෙත හෙළුවේ තමුන් මෙතෙක් වෙලා තම ප්‍රක්ෂකයන්ට දැක්වූ ගාම්භීර සිනහවම නොවේදැයි ඔහුට සිතිනි. ක්ෂණයකින් ඔහු නැවතත් වත්මනට පැමිණිතර හේ වේදිකාවෙන් ඉවත්ව සිය කුටියට ගියේය.


ඉන්ද්‍රජාල කිරීම් ඔහුගේ රැකියාව විය. විනෝදාංශය විය. ජීවිතය විය. වයස අවුරුදු නමය දහයේදී මෙහෙකරු විසින් තමා ඉදිරියේ ඉදිරිපත් කල මවා පෑම් කොතරම් ලාබාල අවධියක ඉන්ද්‍රජාලද යන්න ඔහුට පසක් වන සමයේදී සහ වර්තමානයේදීත් ඒවා හට ගරු කලේය. මන්දයත් මුල් කාලයේ ඒ අවස්ථාවේ ලද ඉලිප්පීම නොවුනානම්, සීතල දේශයක කබා තුන හතරක් ඇඳගෙන සිය සහෝදර සහෝදරියන් මෙන්ම තමන්ටද උසස් මට්ටමේ ඒකාකාරී රැකියා කරන්නට සිදුවන්නට තිබුණු බැවිනි. ඊට අමතරව තම මෙහෙකරු ඉන්ද්‍රජාලික ගුරුතුමා හට කෞරව කිරීමට ඔහුට තවත් හේතුවක් විය. මන්දයත් ඔහු තවමත් තමන්ගේ ගුරු මට්ටමේම රැඳී සිටින බැවිනි. මුල් කාලයෙන් පසු ගණිතය සහ ඇස් බැන්දුම් කෙරේ අතිශය ඥානයක් සහ පෙළඹවීමක් තිබූ තම මෙහෙකරුවාට ඉන්ද්‍රජාල පිළිබඳ දැණුම ලබාදීමට හේ උත්සුක විය. තමාට වඩා විසිවසකින් වැඩිමහලු මෙහෙකරුවාට ශාස්ත්‍රය දී ඒ හරහා තමාගේ සිහින වෘත්තිය වූ ඉන්ද්‍රජාලකරණය ඉදිරියට ගෙන යාම ඔහුගේ අපේක්ෂාව ඉව්ය. ප්‍රේක්ෂකයන් රැවටීම නොහොත් රඟපෑම පිලිබඳ තමන් වෙහෙසෙන අතරම , එම ඉන්ද්‍රජාලයෙහි යාන්ත්‍රණය නො එසේනම් රසායනය සිදුකිරීමට ඔහු සිය මෙහෙකරුවා යොදාගත්තේය. ඔහු තම පුංචි හාම්පුතාට හැකි උපරිමයෙන් සේවය කල අතර, මසකට එකක් බැගින් වූ නව ඉන්ද්‍රජාලයන් සොයා ගැනීමෙහිලා උපරිමයෙන් වෙහෙසීය. තම මෙහෙකරුගේ මෙහෙයටද මෙහෙකරුවෙකු ලබාදීමට කතා නායකයා උත්සුක වූ අතර, සියලු සැප සම්පත් මධ්‍යයේ සියල්ල සතුටින් ගලා ගිය සේම ඉන්ද්‍රජාල ශාලාවටද සෙනග ගලා ආවේය. ඔහු තමා වෙත යාන්ත්‍රණය නිමකොට දුන් ඉන්ද්‍රජාලයේ, කවරය සකසමින් සහ හැඩ කරමින් සිටියේය. යාන්ත්‍රණය විටතට නොපෙනෙන ලෙස කවරගත කොට අවසන එහි රස වැඩි කිරීමට හැඩකිරීම් කල යුතුය. ඔහු දන්නා ඔහුගේ සමකාලීන ඉන්ද්‍රජාලිකයින් බොහෝමයක් සිය ඉන්ද්‍රජාලකරණයේ ඔහුට පසුපසින් වන්නට ප්‍රධානම හේතුවක් වූයේ ඔවුන්ගේ කවරය යෙදීම යම් දුර්වල මට්ටමක වූ නිසා එම යාන්තරණය දැනගැනීමට අනෙකුත් ඉන්ද්‍රජාලිකයන්ට පහසු වීමත්, බොහෝමයක් වුන්ගේ යාන්ත්‍රණය ප්‍රේක්ෂකයාට පවා හෙලි වීම නිසාත්මොහු පිලිබඳ ප්‍රසාදය වැඩි වීමය.

ඔහුගේ ජීවිතයද ඉන්ද්‍රජාල හේතුවෙන් නවමු මාවතකට ඇදී යමින් තිබූ කාලයකි. ඒ ඔහු සිය ඉන්ද්‍රජාල, හෝටල් තුල රඟවමින් තිබූ කාලයකි. ඔහුව ලබා ගැනීමට හෝටල්කරුවන් පොරකෑ අතර රාත්‍රී හත නවය කාල පරාසය හෝටල් වෙත විශාල ප්‍රේක්ෂක ප්‍රමානයක් ඇද්දවීමට සමත් විය. හෝටලය වෙත පිටින් ඇදී නො ආ, වටින් ගොඩින් එහෙන් මෙහෙන් බලා විශ්ම වන සොඳුරු මුහුණක් හේ සිත්ගත්තේය. සිය රංගනයේදී සිය ඉන්ද්‍රජාල යාන්ත්‍රනයේ විශ්මය එලිදැක්වීමට පෙර, ප්‍රෙක්ෂකයා සිය ඉන්ද්‍රජාලය කෙරේ උත්සුක කලද ඔහු සිය ආදරය ප්‍රකාශ කිරීමේදී ස්ථීරව සහ ස්ථාවරව තම කැමැත්ත ප්‍රකාෂ කිරීම සිදු කලේය. ඒ ව්ටින් ගොඩින් බලා සිත් ගත් රුව හෝටල් හිමිකරුගේ දියණියගේ වූ අතර ඒ වෙනුවෙන් ප්‍රධානයක් ලෙස හෝටල් හිමිකරුට අයත් වූ විශාල ශාලාවක හේ සිය ඉන්ද්‍රජාල කටයුතු ආරම්භ කලේය. වෙන වෙනස් ශාලා, තම ඉන්ද්‍රජාල වෙනුවෙන් සකස් කිරීම සහ ඉවත් කිරීම කරදරකාරී සහ අනාරක්ෂිත විය. තම විවාහ දිවියේ සියලු රස, විඳිමින් සිය හැඩරුවම යුතු දියණියකගේ සුරතල්ද මැද ගෙවෙන සමයක සිය බිරිඳ නැවතත් ගැබ් ගෙන සිටියේය. ඒ හේතුවෙන් කතා නායකයාගේ සතුටක් එතරම් නොදැවුණු අතර අඩ දබර ගෙරවිලි රැවිලිද මැද කිසිඳු වැටීමකින් තොරව ඉන්ද්‍රජාලකරණය ඇදී ගියේය. පියාගේ නමට කතානායකයාගේ නම යෙදුනු උප්පැන්නයක් සමග තවත් දියණියක් මෙලොව එළිය දුටු අතර හද ගැස්ම වැඩි වූයේ සිය වලව් මෙහෙකරුගේ හඳුනාගැනීමේ සලකුණක් වූ පපුවේ දකුණු පැත්තේ පිහිටි උපන් ලපය සිය දියණියගේ එම ස්ථානයේම එයාකාරයෙන්ම තිබෙනු දැකීමත් සමගමය. තත්වය වඩාත් අයහපත් වූ අතර හේ එය යටපත් කිරීමට ඉන්ද්ය්‍රජාල කවරයක් යෙදවීමට සිත යෙදවුව මුත් එය අසාර්ථක වූ අතර ජනනය කල වුන් ඉවත් කරනවාද? ජනනය වූ දෙය ඉවත් කරනවාද? යන අවසන් විසඳුමක් සෙවීමෙහි එලබ සිට හේ අවසානයේ නිශ්චිත තීරණයක් ගෙන තිබිණ.


ලියා එව්වේ - රචින්ත ජයවර්ධන
http://muchalindha.blogspot.com/

11 comments:

  1. plot eka hondai, wachana pramanaya seemitha nowuna nam denna yana adahasa tawat pehedili wei neda?

    ReplyDelete
  2. කියන්නට අවශ්‍ය දේ එතරම් පැහැදිලිව ඉදිරිපත් කර ගන්නට බැරි වුණා යන්න මගේත් අදහසයි. එයට වචන සීමාව අනිවාර්‍යයෙන් බලපාන්න ඇති. එහෙත් කතාව හොඳයි..

    ReplyDelete
  3. තම විවාහ දිවියේ සියලු රස, විඳිමින් සිය හැඩරුවම යුතු දියණියකගේ සුරතල්ද මැද ගෙවෙන සමයක සිය බිරිඳ නැවතත් ගැබ් ගෙන සිටියේය. ඒ හේතුවෙන් කතා නායකයාගේ සතුටක් එතරම් නොදැවුණු අතර අඩ දබර ගෙරවිලි රැවිලිද මැද කිසිඳු වැටීමකින් තොරව ඉන්ද්‍රජාලකරණය ඇදී ගියේය. (මේ කොටසින් කථානායකයා බලාපොරොත්තු නොවුනු දරු උපතක් බව ඒත්තු ගැන්වෙනවා)

    මේ ටික නොවුනා නං අපට තව දෙයක් හිතා ගන්න පුළුවන් මේ කථාවේ. ඒ කියන්නේ මේ කථාව සීයා, තාත්තා හා මිණිබිරිය ගැන කථාවක් කියලා.

    ‍අවසානය අපට ම හිතාගන්න ඇරපු විදිහේ ලස්සන කථාවක්

    ReplyDelete
  4. කතාවක් පහසුවෙන් තෝරා ගත හැකි විය යුතුයි කියලා රීතියක් නැතුව ඇති . .

    ඒත් මම කැමති සරලව සමීකරණය විසඳන කතා වලට . . .

    මේකේ ලොකු සමීකරණයක් නැති උනාට හිතට වදින ගතිය අඩුයි . .

    ReplyDelete
  5. කියන දේ බර වැඩි උනාමත් අමාරුයි...

    ReplyDelete
  6. පළවෙනි ඡේදය නියමයි.... එතනින් එහාට අසාර්ථකයි. රිද්මය ගිලිහිලා ගියපු ගතියක් දැනෙන්නෙ. ආපහු සැරයක් මේක වචන ගණන ගැන නොසලකා හෙමිහිට ලියන්ඩ පුලුවන්නම් හොඳ නිර්මාණයක් බලාගන්ඩ පුලුවන් වේවි...

    ReplyDelete
  7. meka tarunaya pathtare tibba ekak

    ReplyDelete
  8. මේකේ මුල් ඡේද 2 ලස්සනයි කියල හිතෙනවා. භාෂාව ටිකක් rough කියල හිතෙනවා. end එක නම් තෙරෙන්නේ නැහැ.
    Dilini nuwanthi

    ReplyDelete
  9. කණගාටුවට කරුණකි. ඉතාමත් හදිසි අවශ්‍යතාවක් උදෙසා මා හට නගරයෙන් පිටත යෑමට සිදුව ඇත. ඔන්ලයින් වීම අපහසුවනු ඇත. ඔබගේ කථාවට මගේ කොමෙන්ටුව ලබා දීමට නොහැකි වී පිළිබඳව කණගාටුයි.

    ඔබට ජය!

    ReplyDelete
  10. මට කෙටි කතා ලියන්න බෑ. ඒ වුණාට කතාවක් හොඳ නිර්මාණකරුවෙකු ලවා ලියවගන්න ඕනි. (පොඩි අවශ්‍යතාවයක් වෙනුවෙන්) ඒක කොහොමද කරගන්නේ? දන්න කෙනෙක් උදව් කරන්න.

    ReplyDelete

මේ කෙටිකතාව ගැන ඔබගේ අදහස්