මම ඉක්මනින් පාර පැන්නෙමි.
“ආහ්.. සෙරෙප්පුව ආයෙත් කැඩුනා.. දැන් ඉතින් මොකද කරන්නෙ. ළඟ හදාගන්න තැනකුත් නෑ..”
මා විශ්වවිද්‍යාලයේ දහයට ඇරඹීමට නියමිත දේශනයට යන්නට දැනටමත් ප්‍රමාදය. සෙරෙප්පුව අතට ගත් මම හන්දියට යන තෙක් වත් එය යාන්තම් අටවා ගත හැකි මගක් වේ දැයි බැලුවෙමි. මගේ උත්සහය අසාර්ථකය. දැන් කුමක් කරන්නද? ආපසු බෝඩිමට ගිහින් එන්න ගියොත් තවත් ප්‍රමාද වෙයි. ලජ්ජාව පසෙකින් තබා කැඩුනු සෙරෙප්පුව අතට ගත් මම ඉක්මන් ගමනින් හන්දියට ගියෙමි. වෙනදා සෙරෙප්පු හදන තැනක් හන්දියේ තිබුනු බව මට මතකය. එහෙත් අද එවැනි තැනක් පෙනෙන්නට නැත. “මගෙ වෙලාව තමයි” සිතමින් අසළ සිටි කෙනෙකුගෙන් විමසුවෙමි.
“ආ.. අර පන්සල ගාව අරලියා ගහ යට ඉඳගෙන ඉන්නෙ ඒ මාම තමයි” ඔහුට ස්තූති කළ මම අසළ පිහිටි පන්සල දෙසට පිය නැගුවේ ඔහු කියූ තැන මට මුලින් නොපෙනුනේ ඇයි දැයි සිතමිනි.
පන්සල් ගේට්ටුව දෙපස කිහිප දෙනෙක් හිඳගෙන සිටිති. නමුදු ඔවුන් කිසිවෙකු වෙත පාවහන් අලුත්වැඩියා කිරීමට යොදා ගැනෙන්නේ යැයි සිතිය හැකි කිසිවක් නොවීය. ඔවුන් යාචකයන් යැයි මට සිතිණි. මගේ බලාපොරොත්තු නැවතත් සුන් වන සේය.
“අරලිය ගහ යට.. ආ.. මට බලන්න කීවෙ එතනනෙ” මම විමසිලිමත් වීමි. අරලිය ගහ යට කෙනෙක් හිඳගෙන හිඳී. නමුත් ඔහු වෙත ආම්පන්න කිසිවක් නොවීය. සරමක් සහ කමීසයක් හැඳ සිටි ඔහු පන්සල් තාප්පයට පිටදී අරලිය ගස් සෙවණේ හිඳි නමුත් අනෙක් අය මෙන් ඔහු පාරේ යනෙනවුන්ගෙන් හිඟමන් යදින බවක් නොපෙනුනි.
මම ඔහුට කිට්ටු වීමි.
“මාම සෙරෙප්පු හදනවද?”
“ඔව්. කෝ බලන්න” මම කැඩුනු සෙරෙප්පුව ඔහු වෙත පෑවෙමි. කැඩුනු තැන පිරික්සූ ඔහු,
“එන්න නෝන” සෙරෙප්පුවත් රැගෙන, මා දෙස නොබලාම පන්සල් වත්තට ඇතුළු වූ ඔහු පසුපසින් අනෙක් සෙරෙප්පුවද අතට ගත් මා ගමන් කළේ පන්සලට යාමට බියක් නොවූ හෙයිනි.
පන්සල් වත්ත තුළ ගේට්ටුව ළඟම වූ ආධාර එකතු කිරීමේ කුටිය පිටුපස පටු ඉඩෙහි තිබූ තරමක ලොකු මල්ල විවෘත කර ආම්පන්න ඉවතට ගත් ඔහු තම රාජකාරිය ඇරඹීය.
“ඇයි මාම පාර අයිනෙ බඩු තියන් ඉන්නෙ නැත්තෙ. ඉස්සර එතන ඉඳලම නේද බිස්නස් කළේ? ” මම සිතේ පැසවූ පැනය ඔහුට යොමු කළෙමි.
“එතන තමයි හිටියෙ. පෙරේද පොලීසියෙ මාත්තුරු ආවනෙ. පේමන්ට් එක හින්ද බිස්නස් කරන්න බෑලු. දෙසිය ගානක් දඩත් ගැහුව මට” හැඟීම් විරහිත ලෙසින් ඔහු කියාගෙන ගියේය.
“ඇත්තද” මට කියැවිණි. ඔහු නොනවත්වා තම වැඩය කරගෙන යයි.
“හරිද බලන්න”
“හොඳයි. මේ අනිත් සෙරෙප්පුවත් ළඟදි කැඩෙයිද දන්නෙ නෑ නේද?” මම නොකැඩුනු සෙරෙප්පුවත් බිමින් තැබුවේ අද මුහුණ දුන් ඇබැද්දිය ගැන සිතමිනි.
“ඒකත් මහලා දාන්නද?” සෙරෙප්පුව අතට ගත් ඔහු ඇසීය. “හොඳයි”
“ගාණ කීයද මාමෙ?” මසා අවසන් වූ සෙරෙප්පු දෙක ගන්නා ගමන් මම විමසීමි.
“විස්සයි” මට අදහාගත නොහැකි විය. එහෙත් වෙනසක් නොපෙන්වා පසුම්බියෙන් රුපියල් පනහේ කොළයක් ගෙන ඔහු වෙත පෑවෙමි. ගිය වසරේ මේ සෙරෙප්පුවම කැඩී විශ්වවිද්‍යාලය අසළ පාවහන් සාදන මාමාට දී සාදවා ගතිමි. මෙතරම් කැඩී නොතිබීත් එක් සෙරෙප්පුවක් පමණක් මසන්නට ඔහු රුපියල් හතළිහක් ගත්තේය.
“මාරු නැත්ද නෝන. මං ගාව මාරු විස්සයිනෙ තියෙන්නෙ”
“කමන්නෑ මාම. ඒක දෙන්න” ඔහු වෙත වූ පැහැදීමෙන්ම මම කීවෙමි.
කිසිත් කතා නොකළ ඔහු පනහේ නෝට්ටුව රැගෙන පන්සලේ ආධාර කුටිය වෙත ගොසින් මාරු කරගෙන විත් ඉතිරි රුපියල් තිහක මුදල මට දුන්නේය. හොඳටම ප්‍රමාද වී තිබූ බැවින් ඔහුට ස්තූති කළ මම හනික නැවත ගමන් ඇරඹුවෙමි.
සවස ආපසු බෝඩිමට එද්දී ඔහු දෙස මා බැලුවේ සිනහවකින් හෝ ඒ උතුම් මනුෂ්‍යයාට සංග්‍රහ කරනු රිසියෙනි. ඔහුට මා මතක නැතිවා සේය.
මනුදහම නොතකා “නීතියට වැඩ කරන” “මහත්තුරු” හා “ඔහු” ගැන සිතමින්ම මම පය ඉක්මන් කළෙමි.
ලියා එව්වේ - දව්පදී බණ්ඩාර කිරිඇල්ල
ලියා එව්වේ - දව්පදී බණ්ඩාර කිරිඇල්ල
Thawath siduweemak saha yatin diwena samaja yatharthaya. Mahathwarunta nethath me manussayata hondin ninda yanawa ethi neda?
ReplyDeleteලොකු රසයක් නැත (අවංක සිතුවිල්ලක්)
ReplyDeleteඔව්.මේක සාර්ථක කතාවක් කියලා කියන්න බෑ.සිදුවීමක් විතරයි.ඒ සිදුවීම කෙටි කතාවක් විදිහට ප්‍රතිනිර්මාණය වෙලා නෑ.සිදුවීම ඔහේ කියලා දාල විතරයි.ඒත් හොඳ උත්සාහයක්.
ReplyDeleteමට නම් මේක ඉතාම හොඳයි... වචන 500ක් ඇතුලෙ මීට වඩා දෙයක් කරන්න බෑ. සමාජයට යම් පණිවුඩයකුත් දෙන, හොඳ ගැලපීමකුත් තියෙන කතාවක්. අනික් කතා බොහොමයක් වචන 500 සීමාව ඉක්මවලා ගිහිං....
ReplyDeleteමේ කථාවට මං කැමතියි. කියන්න තරම් දොසක් මට නොපෙනේ. ඒත් මේ තරඟයක් නිසා මීට වඩා දෙයක් අවශ්‍යවෙයි කියලා හිතෙනවා.
ReplyDeleteමේ කතාවට මම කැමැත්තෙමි
ReplyDeleteලොකු දෙයක් නැතත් මාත් කැමතියි මේකට..අඩුම ගානේ ඔළුව මඤ්ඤං කරන්නේ නැතිව ලියලා තිබීමම වටිනවා...
ReplyDeleteහ්හ්ම්ම්ම්ම්ම් නරකම නෑ . . ඒත් බනින්න ඕන කෙනාට පලු යන කම් බැනලත් නෑ . . . අගේ කලයුතු දේ දැනෙන්න අගේ කරලත් නෑ . .
ReplyDeleteඑච්චරම දැනුනෙ නෑ... ඒත් හොඳ උත්සහයක්.
ReplyDeleteඅද නම් පෙර කථා වලට අදහස් දක්වලා හොඳටම මහන්සියි. කවදා කරපු දේවල්ද, හෙට උදේ වරුවේ මෙතැන් පටන් තියෙන කෙටි කථා වලට අදහස් දක්වන්න හිතුවා.
ReplyDeleteසමාජමය වශයෙන් ගත් කල පොදු ධර්මතාවක් සිය ඇසින් දකිනා ආකාරයට ලියුම්කරු මෙය රචනා කර තිබේ. අයුක්තිය අසාධාරණය කොතැනත් වාගේ රජයන අද වන් සමයෙක තමන්ට වූ අසාධාරණය පසෙක තබා යහපත් යැයි සමාජ සම්මත වූ මතය මත පෙනී සිටින, දුප්පත් වුවද සැබෑ මිනිසකු ගැන විවරණයක් ලෙසයි මා මෙය දකින්නේ.
ReplyDeleteසැබවින්ම යහපත් ගණයේ විවරණයක් ලෙස මෙය ද හඟිමි. සුළු සිද්ධියක් ලෙස පෙනුනද, සමාජයේ ඇති අඩුපාඩු කිහිපයක් විදහා පා ඇති ආකාරය අපූරුය.
ඡේදයෙන් ඡේදය ගෙන අර්ථ දැක්වීමට තරම් හැඟවුනු අර්ථ මට දැක ගැනීමට නොහැකිය. එනමුදු,
“මාරු නැත්ද නෝන. මං ගාව මාරු විස්සයිනෙ තියෙන්නෙ”
“කමන්නෑ මාම. ඒක දෙන්න” ඔහු වෙත වූ පැහැදීමෙන්ම මම කීවෙමි.
කිසිත් කතා නොකළ ඔහු පනහේ නෝට්ටුව රැගෙන පන්සලේ ආධාර කුටිය වෙත ගොසින් මාරු කරගෙන විත් ඉතිරි රුපියල් තිහක මුදල මට දුන්නේය.
මෙම කොටස උපුටා දැක්වීමට කැමැත්තෙමි. මෙහිදී සපත්තු සාදන්නාගේ අවංක සෘජු ස්වභාවය මෙන්ම, ඒ මිනිසා අසරණ කෙනෙකු ලෙස සලකා වැඩිපුර මුදල් දී යම් තෘප්තියක් ලැබීමට සූදානම් වූ කෙනෙකුද දකිමි. මගේ මතය අනුව ඒ කෙරුවාව වැරදි දෙයකි. නියමිත මුදල් ප්‍රමාණය දීම වෘත්තියේ ගරුත්වය රැකීමට මෙන්ම අදාල පුද්ගලයාගේ ගරුත්වය රැකීමටද ඉවහල් වන බව මගේ විශ්වාසයයි. ඒ බව සනාථ කරමින් සපත්තු සාදන්නා නියමිත ඉතිරි මුදල් ඇය අත මත තබා සිටියි. මෙම කොටස රචනයේදි ලියුම් කරු සමහරවිට ගරුත්වය පිළිබඳව මා සටහන් කල දේ නොසිතුවා විය හැකිය. එනමුදු ඒ පිළිබඳවද යම් කොටසක් හෝ සටහන් වූයේ නම් සටහනට තවත් අගයක් එක්වනු ඇති බව හඟිමි.
මෙයින් අවංක භාවය පිළිබඳව වැදගත් පණිවුඩයක් පාඨකයා වෙත ගෙන එයි. සමහරවිට වදන් සීමාවේ ගැටළුව නුවූයේ නම්, මීටත් වඩා තදබල ලෙස මෙම පණිටුඩය ස්ථාන ගත කිරීමට ලියුම් කරුට හැකිවනු ඇති බව සිතමි.
මෙවැනි තරගයක් සංවිධානය කර අපට නැවත වරක් "ලියන්නට" මග විවර කළ කෙටිකතා තරගයේ සංවිධායක මඬුල්ලටත්, ඔවුන්ට දිරියක් වූ විනිශ්චය මණ්ඩලයටත්,අප දිරි ගන්වමින් අපගේ කෙටි කතා කියවූ, අදහස් දැක්වූ ඔබ සැමටත්, විශේෂයෙන්ම facebook හි විවිධාකාර වූ group අතරේ "පොත් කියවන අය" නිර්මාණය කළ එහි නිර්මාතෘතුමා/තුමන්ලාටත් මගේ හද පිරි ස්තූතිය පුද කරමි. එමෙන්ම ඔවුන්ගේ ඉදිරි යහ වැඩකටයුතු උදෙසා අවැසි සියළු ශක්තිය ධෛර්‍යය ලැබේවා යි ප්‍රාර්ථනා කරමි!
ReplyDelete"ඔහු" වෙත අදහස් දැක්වූ ඔබ සැමගේ ලියුම් මම කියවූවා.
ReplyDeleteමම එපමණම කෙටි කතා ලියූ කෙනෙක් නොවේ. ඒ නිසා ඔබගේ ඇගයීම්, විවේචන මට වැඩියම වටී.වචන ප්‍රමාණය සීමා සහිත වීම ඇත්තටම අභියෝගාත්මක වුනා. ලියූ මුල් නිර්මාණය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පවා සිදුවුනා. නමුත් තරගයකදි ඒ දේවල් අප බලාපොරොත්තු විය යුතුනෙ.