රමණි අක්කා...........

ඒ මගේ මුල්ම රැකියාවයි. උතුරු මැද පළාතේ ඝන වනයක් මැද ඉඳිකිරීම් ව්යාඋපෘතියක සේවය කල,අපි හතලිහක පමන විවිධ වයස් කාණ්ඩ වල දිවයිනේ නන් දෙසින් පැමිණි පිරිසක්, නේවාසිකව සිටියේ වන මැදම ඉඳිකල අර්ධ ස්ථිර නිවාස වලින් සමන්විත කඳවුරකය.

කඳවුරෙහි මුලින්ම විවාහක නිවසක් තනා අවසන් වූ පසු අප අතර සිටි ගුණේ අයියා තම බිරිඳ සමඟ එහි පදිංචි වීමට කැමැත්ත ප්ර කාශ කල හෙයින් අපේ ප්ර ධානියාගේ අනුමැතිය ඒ සඳහා ලැබිණි.

ගුණේ අයියා තිස්පස් පමණ වියැති ප්රිහයමනාප පුද්ගලයකු වූ අතර ඔහුගේ භාර්යාව වූ රමණි අක්කා රූමත් යයි එකහෙලා කිවහැකි නොවූවද, පැහැපත් සිත් ඇදගන්නා රුවින් යුතු වූවාය.

එකල විසිවන විය සපුරා වසර දෙක තුනක් පමණක් ගෙවා සිටි අපට රමණි අක්කා යනු සකල ස්ත්රී. ලාලිත්යියෙහි ප්රිති මූර්තියක් සේ පෙනීම කවර අරුමයක්ද?

බොහෝ සවස් යාමයන්හි අප ගුණේ අයියාගෙ නිවසට එක් වූයේ මත්පැන් ස්වල්පයක් තොල ගෑමෙන් පසු අපගේ එදවස ප්රිධාන විනෝදාංශය වූ ගී ගැයීමටයි.

රමණි අක්කාගේ ලයාන්විත හඬ ඒ දිනවල සැඳෑ අඳුරට මුසුවී අප මන්මත් කලේ වරක් දෙවරක් නොවේ. ගී ගැයීමට මාහටද සහජ දක්ෂතාවයක්වූ නිසා බොහෝ විට සාදයන් නිමවූයේ ඈ හා මා එක්ව යුග ගීයක් ගැයීමෙනි.මේ නිසාමදෝ රමණි අක්කා මාවෙත විශේෂ ඇල්මක් පෑ අතර මා තුලද ඈ කෙරෙහි වූ ඇල්ම නොබෝ දිනකින් ගැටවර ආලයක් බවට පත්වූයේ මටත් නොදැනීමය.

ඇය විවාහක කාන්තාවක් බව දැන දැනම මසිත හටගත් ආලයේ අරුත කුමක්දැයි මම අදද නොදන්නෙමි.මසිතෙහි ඈ කෙරෙහි හටගත් ආලය සැමටම රහසක් වූ අතර අවම වශයෙන් රමණි අක්කාට හෝ ඒ නොදැනෙනසේ කටයුතු කිරීමට මම බොහෝ ප්රණවේශම් වූයෙමි.

මෙලෙස මගේ මතකයට අනුව දෙමසකට ආසන්න කලක් ගෙවී ගියේය.රමණි අක්කා මේ වන විට කඳවුරේ සියල්ලන්ගේ සිත් දිනා සිටියේ ඔවුන්ගේ නිවස අප සැඳෑ කල ගෙවන මධ්යාස්ථානය බවට පත් කරමිනි.

එවර වැටුප් දිනට පසු නිවාඩු දෙකක්ම එක ළඟම යෙදී තිබූ හෙයින් අප සියළු දෙනාම පාහේ නිවෙස් බලා ගියෙමු. ගුණේ අයියා සහ රමණි අක්කාද ඔවුන් කඳවුරේ පදිංචියට පැමිණි පසු පළමු වරට නිවෙස් බලා ගියෝය.මම නැවත කඳවුරට පැමිණියේ හරියටම සතියකට පසුය.

කඳවුරට පය තැබූ විගස අසන්නට ලැබුණේ සිත විපිළිසර කරවන පුවතකි. ගුණේ අයියගේ බිරිඳ යයි කියාගත් කාන්තාවක් කුඩා දරු දෙදෙනෙකුද සමඟ කඳවුරට පැමිණ සැමියා මාස තුනකින් පමණ ගෙදර නොගිය බවද වියදමට මුදල් එවූවද ගෙදර නොපැමිනෙන්නේ මන්දැයි සොයා බැලීමට පැමිණි බවද පවසා සත්ය සිද්ධිය දැනගත් පසු හඬා වැළපෙමින් ආපසු ගිය බව මිතුරෝ මා සමඟ පැවසූහ.

විශ්වාස කිරීමට පවා අසීරු මෙම පුවත ඇසූ මම එදින ගත කලේ සිහිනෙන් ඇවිදින්නකුසේය.සතියකට පෙර සුරලොවින් බට දෙවඟනකසේ ඔවුන්ම වර්ණනා කල රමණි අක්කාට මගේ මිතුරන් එකතුව පස් පඩංගුවේ බැණ වැදුනේ ඇය පවුලක් කඩා කප්පල් කල සැතිරියකසේ හඳුන්වමිනි.

ඉන්පසු කිසිදිනක මම ගුණේ අයියා නොදුටිමි. ඔහු අප ආයතනයේම වෙනත් ව්යාපපෘතියක් වෙත ස්වේච්ඡාවෙන්ම ස්ථාන මාරුවක් ලබා ගිය බව නොබෝ දිනකින් දැනගන්නට ලැබිණ.

මාස කිහිපයක් ඉකුත් වන්නට ඇත.වියයුතු ලෙසම ගුණේ අයියා සහ රමණි අක්කා සියල්ලන්ගේම මතකයෙන් ගිලිහී ගියේය. එහෙත් ඇය අමතක කිරීම මාහට කෙසේවත් කල නොහැකි විය.

එක් දිනෙක මා හට ලැබුණු නුපුරුදු අත් අකුරින් ලිපිනය ලියැවුනු ලිපියක් මම විවෘත කලේ දැඩි කුතුහලයෙනි.

දයාබර ........මල්ලී,

ඔයාට මේ ලිපිය ලියන්නට තීරණය කලේ හුඟක් දුරට කල්පනා කරලයි.

ගුණේගෙයි මගෙයි ප්රේයම සම්බන්ධට දෙපැත්තෙම වැඩි හිටියො එකහෙලා විරුද්ධ උන නිසා අපි අන්තිමට කරන්ට දෙයක් නැති තැන වෙන් උනා. මම ඒ දවස්වලම ගෙදරින් කතාකරපු යෝජනාවක් අනුව බැන්දා. ඒත් මගෙ මහත්තය මුල ඉඳන්ම මා දිහා බැලුවෙ සැකෙන්.

විවාහ ජීවිතේ අපායක් වෙලා ඉන්න කොට මම ගුණේට අඬ අඬ කිව්ව මාව කොහෙ හරි එක්ක යන්න...නැත්නම් වහ ටිකක් බීල මැරෙනවයි කියල. ඒ පාර තමයි එයා මාව ඔයාලගෙ කඳවුරේ ක්වාටස් එකට එක්ක ගියේ.ඒ මාස දෙක මගෙ ජීවිතේ ලස්සනම කාලය. ඒ නිසාම මට ආයෙම ජීවත් වෙන්න හයියක් ලැබුන කිව්වොත් හරි.

එදායින් පස්සෙ මට ගුණේ හම්බ උනේ නැහැ.....මගෙ ජීවිතෙත් ඔහෙ ගලා යාවි....ඒත් මම දැන් ජීවිතේට ආදරෙයි.

මල්ලිට විශේෂයෙන් මෙහෙම ලියුමක් ලියන්ට මම කල්පනා කලේ මොකද කියල හිතන්ට පුළුවනිද?........මම දන්නව මල්ලි මට ආදරේ කලා කියල.......ඒක ලැජ්ජ වෙන්ට දෙයක් නෙවෙයි ......ආදරේ එහෙම තමයි......වයස, කුල මල, පොහොසත්ද දුප්පත්ද රූපය... ඒ මොකවත් ආදරේට බල පාන්නෙ නෑ.මම දන්නෙ නෑ මල්ලි තවම මට ආදරේද කියල.......සමහරවිට වෙච්ච දේවල් නිසා මල්ලිගෙ හිත කැඩෙන්ඩ ඇති.ප්රටශ්නයක් නෑ මල්ලි. මට ඕන කලේ ඔයාට මේ ටික කියාගන්ට විතරයි.

ඔයා හොඳ කොල්ලෙක්.....ඔයගෙ හිතේ තියන ආදරේ කවුරු හෝ වාසනාවන්ත කෙල්ලෙකුට උරුම වෙයි.....මගේ සුබ පැතුම් මල්ලි.....

රමණි අක්කා...........

ලියා එව්වේ - රවී වීරසිංහ
http://ranrandil.blogspot.com/

14 comments:

  1. අනේ මන්දා..

    ReplyDelete
  2. Thawath eka siduweemak. Ramani akkamada danne nehe meka liyala thiyenne..........

    ReplyDelete
  3. රමණිලා, ගුණේලා, ගුණේගේ බිරින්දැලා පව්.......... මක්කා කොරන්නද ඉතිං නේද?

    ReplyDelete
  4. නොලැබෙන මා නොපතන්න...........
    තහනම් සෙවනින් යන්න......

    ReplyDelete
  5. මම චන්දය දැම්මේ මේ කථාවට.. රමණි අක්කා නරක කෙනෙක් නොවන බවත් පවුලක් කැඩීමේ අරමුණක් නොතිබු බවත්... කවුරු හෝ පිරිමියෙකුගේ පහසක් අපේක්‍ෂා නොකළ බවත් හැඟේ... ආදරේ බව දැන දැනත් කථා නායක කෙරේ නොබැඳුනු ඇය වරදක් කළා යැයි නොහැඟේ... වරද කොතැනද?

    ReplyDelete
  6. යථාර්ථයක් වීමට බොහෝ ඉඩ කඩ ඇති ශෝකාන්තයක් . . . .
    ගලා ගිය අයුරු ලස්සනයි . . . කිසිම චරිතයක් වැරදි කාරයෝ ලෙස චෝදනා නොලබන අයුරු ලියපු මේ කතාව අපූරුයි . .

    ReplyDelete
  7. උත්සහය හොඳයි... රසවින්ඳෙමි.

    ReplyDelete
  8. හොඳ උත්සහයක්

    ReplyDelete
  9. හුවා දැක්වීමට තරම් දොස් නැති මෙය ද හොඳ මට්ටමේ කෙටි කථාවකි.

    මෙවන් ජීවිත අද සමාජයේදී ඇතුවාට සැක නැත. ඒ ජීවිත තුලට එබී කා හටවත් චෝදනා නොකරමින් යෝජනා නොකරමින් දිව යන ලෙස ලියැවුනු මෙය වාර්තාමය කෙටි කතාවක් ලෙස මට හැඟෙයි. කොටස් වශයෙන් හුවා දක්වමින් අදහස් දැක්වීමට නොහැකිව ඇත්තේද එම ස්වභාවය නිසාමය.

    හැබැයි එක් දෙයක් පැහැදිලිව ඇත. ප්‍රේමය යනු සුළඟ සේ අසන්තතික දෙයකි. හිතු හිතූ තැන ගමන් කරන්නටද තමන්ට නොලැබෙන කෙනෙකු කෙරෙහි බැඳෙන්නටද සුළඟ වන් වූ ප්‍රේමයට කිසි ලෙසකින්වත් බාධාවක් නොමැත. ඒ බව සසනාථ කරමින් රමණි අක්කා වෙත මෙම කථාව පවසන්නා බැඳෙන බව ලියුම්කරු පවසයි.

    නිසංසලේ ගලා යන ගඟකින් ලැබෙන හැඟීම වන් හැඟීමක් ලබාදෙන මෙම කෙටි කථාවද යහපත් මට්ටමේ පවතින බව මගේ හැඟීමයි. එනමුදු පැවසිය යුත්තක් ඇත. මෙහි සෘජුව සැපයෙන ආදර්ශයක් හෝ උපදේශයක් නැති වුවද, රමණි අක්කා ගේ ලිපියෙන් ඇය පවසන දේ තුල පසුතැවිල්ලක් නැති කම තවත් කෙනෙකු මෙවන් තීරණයක් ගැනීමට පොළඹවයිද? යන පැනය මා සිත තුල පැන නැගුනි.

    ReplyDelete
  10. රස විඳින්න ඇහැකි. කොහෙත් ඇහෙන කතාවක්

    ReplyDelete
  11. ආසම නැහැ මේකට නම්.
    Dilini.N

    ReplyDelete
  12. මම කමෙන්ට් කරන්න නෙවෙයි හිටියෙ එකකටවත්. නමුත් තමන් කුඩා කල සිට පෙම් කරන මිනිසා සමග ගිය කන්තාවක් ගැන කියවෙන මේ කතාවට එක හැන්දකිනුත්, තමන්ගෙ අලුත් විවාපත් වන මනාළිය ළඟ ඉද්දිම දුටු මනතින් වෙන ගෑනියෙකුට ලයින් දාන කොල්ලෙක් ගැන කියවෙන තවත් කතාවකට තව හැන්දකිනුත් බෙදන කමෙන්ට්ස් දැක්කහම අහක බලන් යාමට නොසිතේ.

    මුළින්ම කිව යුතුයි, මෙහි භාෂාව මනරම් ලෙස හසුරුවා ඇති බව.
    කතාවෙ ගලා යාමත් හොඳයි. පටන් ගැන්මෙ සිට අවසානය දක්වා ආසාවෙන් කියවගෙන යන්නට හැකියි.
    කතාවෙ පණිවිඩය තමයි මම දකින වැදගත්ම දෙය මෙතනදි. ඊනියා සදාචාරවාදීන් කාන්තාවක මෙලෙස හිතීම ලොකු අපරාධයක් වගේ කමෙන්ට් කරාට, මම හිතන්නෙ මේ අපේ සමාජයෙ වෙනස් විය යුතු පැතිකඩක්. තමන් කැමති කෙනාගෙන් බලෙන් වෙන් කොට, දෙමවුපියන්ට ඕන කෙනාට බන්දලා දෙන එක හරිද? අපි මේ කතා කරන්නෙ වැඩිහිටියන්ගෙ සම්බන්ධතාවයන් ගැන. ඊලඟට, ඒ විවාහය තුළ සතුටක් නැත්නම්, එයින් ඉවත් වෙන එකේ ඇති වරද කුමක්ද? සමාජයේ ඊනියා සදාචාරය නිසා දික්කසාද වීමට අපහසු ගුණේ මාස දෙකතුනක්වත් තමන්ගෙ පෙම්වතිය සමග කුඩා කල සිට හීන මැවූ දිවිය ගෙවන්නට ලැබීම ගැන සතුටු විය යුතු නොවේද? වගකීම ගැන හැඟීමක් ඇති නිසා නේද ඔහු වරදක් කළත් ගෙදරට මුදල් යවන්නෙ?
    අන්තිමට අපේ සමාජයේ කඩා වැටීම ලස්සනට පෙන්නනවා අර රමණිගෙ වැරැද්දම දකින සුද්ධවන්තයින්ගෙ කතාවෙන්.
    වැදගත්ම දේ, රමණි මින් ලබන නව ජීවන පන්නරය. ඇය අනුන් සතුටු කරවිමට හුරු කරවන සාම්ප්‍රදායික සමාජයෙන් මිදිලා, තමන් කෙරෙහි විශ්වාසයෙන් ජීවත් වීමට පටන්ගෙන.

    ReplyDelete
  13. මුල් Anonymous තිදෙනා, Chathura Wijekoon, RanDil, ශානු, තනෝජා රාජපක්ෂ,දුකා,චමිල,සඳුන් දර්ශනී,අලුත් කොල්ලා,Dilini N.

    ඔබ සැමගේ ප්‍රතිචාරයන් මා දිරිගන්වන බව පැවසීමට මට අවසර.........ස්තූතියි,

    .----------------------------------------

    සඳුන් දර්ශනී සහ අවසාන Anonymous,

    දිගු විචාරයක් මඟින් මා දිරිගැන්වූ ඔබ දෙදෙනාට මගේ විශේෂ ස්තූතිය,

    ReplyDelete

මේ කෙටිකතාව ගැන ඔබගේ අදහස්